Wednesday, April 15, 2026
23.4 C
Sri Lanka

ආණ්ඩුව නාමල් රාජපක්ෂ ගැන හොයන්න කලින් වරායෙන් පන්නපු කුඩු කන්ටේනර් ගැන හොයලා ඉන්න. – නාමල් රාජපක්ෂ

අපි සිංහල බෞද්ධාගම වෙනුවෙන් පෙනී හිටිනවා. මොකද මේ රටේ බහුතරයක් බෞද්ධ ජනතාව ඉන්නවා. ඒ වගේම අපි මේ රටේ බෞද්ධයෝ. ඉතින් අපි මේ රටේ ජනතාව වෙනුවෙන් සහ බෞද්ධ වෙනුවෙන් පෙනී ඉන්නවා හැබැයි බුද්ධ ධර්මය වෙනුවෙන් සහ බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සංඝරත්නය වෙනුවෙන් පෙනි ඉන්න එක ජාතිවාදය නෙමෙයි.ඒ වගේම බෞද්ධ සංස්කෘතිය සහ බෞද්ධ දර්ශනය වගේම මේ රටේ සියලු ආගම් සියලු සංස්කෘතියෙන් ආරක්ෂා කරන අපි පෙනී හිටිනවා විශ්වාස කරනවා මේ රට ගොඩනැගිලා තියෙන්නේ බෞද්ධ පදනම මත ගොඩනැගිච්ච රටේ සියලු ආගම් ආරක්ෂා කරන්න හැකියාව තියෙනවා.ඒ හින්දා අපි බයක් නෑ මම සිංහල බෞද්ධ තමයි. ඒ වගේම මම අනිත් සංස්කෘතියෙන් ආරක්ෂා කරන්නත් කටයුතු කරනවා. ආරක්ෂා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මට මගේ සංස්කෘතිය මගේ දහම මම විශ්වාස කරන නිසා.ඉතින් ආගමක් දහමක් විශ්වාස කරන්නේ නැති අයට තවත් කෙනෙක්ගේ භාෂාවක් ආගමක් දහමක් සංස්කෘතියක් ආරක්ෂා කරන්න බෑ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය ඔහු මේ බව ප්‍රකාශ කළේ අද දින නෙළුම් මාවතේ පක්ෂ කාර්‍යාලයේදී මාධ්‍යවේදීන් අමතමිනි.මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ.

“මූලිකව තමන්ගේකම තමන් හැදිච්ච පරිසරය තමන්ගේ රට තමන්ගේ ජාතිය තමන්ගේ ආගම අමතක කරලා යම්කිසි කෙනෙක් හිතනවා නම් ඉදිරියට යන්න පුළුවන් කියලා ඔහුට අනන්‍යතාවයක් නෑ. ඒ හින්දා පළවෙනි දේ තමයි තමන්ට තමන් කවුද කියන එක පිළිගන්න පුළුවන්නම් ඒ කෙරෙහි තමන්ගේ විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන් නම් අනිකව ආරක්ෂා කරන්න පුලුවන්.හැබැයි තමන්ට තමන්ගේ ආගම දහම බය නැතුව ප්‍රකාශ කරන්න ආත්ම ශක්තියක් නැත්තන් ඔහු කවදාවත් තවත් ආගමක් දහමක් ආරක්ෂා කරන්නේ නෑ.යම්කිසි කෙනෙක් හිතෙනවා නම් නාමල් රාජපක්ෂ බෞද්ධයෝ වෙනුවෙන් වගේම මේ රට වෙනුවෙන් පෙනී හිටීම ජාතිවාදයක් කියලා නෑ. මම ජාතිවාදී නෑ .මම සිංහල මම බෞද්ධ.හැබැයි ඒ වගේම තමයි මම අනෙක් සංස්කෘතින් භාෂාවල් ආගම් ආරක්ෂා කරන්නත් මම කටයුතු කරනවා.

ආණ්ඩුව තීන්දු කරන්න ඕනේ චන්දෙ තියෙනවද නැද්ද කියලා. ඒ වගේම ආණ්ඩුව තීන්දු කරන්න ඕනේ මාව හිරේ දාලා ඡන්දෙකට යනවද,ඊට කලින් ඡන්දෙකට යනවද කියලා.ඉතින් ඔය දෙක අතර දෙගඩියාවෙන් ඉන්න ආණ්ඩුව මට ඇඟිල්ල දික් කරලා හරියන්නෙ නෑ. මොකද ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියනවා නාමල් රාජපක්ෂට වෙන දේ බලමු එළියෙ ඉන්න එපැයි හිරේ නොයා ඉන්න ඕනේ චන්දේ ඉල්ලන්න කියලා. තවත් ආණ්ඩුවේ කෙනෙක් කියනවා නාමල්ට ඡන්දේ ඉල්ලලා පාර්ලිමේන්තු එන්න බෑ කියලා. පළවෙනි දේ තමයි ආණ්ඩුව තීන්දු කරන්න ඕන නාමල් රාජපක්ෂව හිරේ දාලා ඡන්දෙට යනවද එහෙම නැත්නම් නාමල් රාජපක්ෂව එළියේ තියාගෙන ඡන්දෙට යනවද කියලා. ඉතින් ආණ්ඩුවට කියන්න තියෙන්නේ ඔය දෙකම මට එකයි. ඔය මොන මොන අභියෝග ඔබ තමුන්නාන්සේලාගේ මානසිකත්වය මත එල්ල කරත්, මේ රටේ ජනතාව තීරණ ගන්නේ රට අනාගතය සහ ජනතාවගේ අවශ්‍යතාවය මත මිසක් jvp එකේ අවශ්‍යතාවය මත නෙමෙයි.ඒ හින්දා මට අභියෝග කරන්න කලින් ඔබ ජනතාවට වෙච්ච පොරොන්දු ඉටුකරන්න දැන් මාදැල් ධීවරයෝ ඇවිල්ලා ඉන්නවා ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහා.අද වෙනකන් ධීවර ප්‍රජාවට සාධාරණයක් ඉෂ්ට කරන්න මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා. එක පැත්තකින් ධීවර කර්මාන්තය කඩා වැටෙනවා.ලංකාවේ මුහුදු තීරය ඇතුලේ ධීවරයන්ට පහර දෙනවා. ඒ පහර දුන්නේ මොන රටෙන්ද කවුද කොහෙන්ද කියලවත් තාම ආණ්ඩුවට හොයාගන්න බැරිවෙලා තියෙනවා.අද ධීවරයෝ එක පැත්තකින් තෙල් මිල එක්ක මම මුහුදු ගිහිල්ල ලබන්නා වූ අස්වැන්නෙන් ලාභයක් ලබාගන්න බැරිවෙලා තියෙනවා.තවත් පැත්තෙන් එක ජීවන වියදම්වැඩි වෙනවා තෙල් මිල වැඩිවෙනවා තවත් පැත්තකින් මහ මුහුද එක්ක පොර බදන්න ඕනේ. වාරකන් එක්ක රැල්ල එක්ක හැප්පෙන්න ඕනෙ ඒ අස්සේ තවත් රටක හෝ අපේ රටේ වෙනත් පුලුවන් ආණ්ඩුවේ පෝෂණය කරපු කණ්ඩායමක් වෙන්න පුලුවන් වෙනත් කණ්ඩායමක් වෙන්න පුලුවන් මහ මුහුදේ තමන්ගේ බෝට්ටුව ඇතුලේ ධීවරයට පහර දෙනවා.ධීවරයගේ ජීවිතේ තවදුරටත් අවධානම් වෙනවා.ඒ වගේම බොහොම අමාරුවෙන් මාදැලක් ඇදලා කීයක් හරි හොයාගන්න ධීවරයගෙත් බඩට පහර දෙනවා.අනිත් පැත්තෙන් ගොවියාට දෙනවා කියපු පොහොර සහනාධාරය දෙන්නෙත් නැත්නම්.දිට්වා සුළි සුළඟත් එක්ක ඇතිවෙච්ච කෘෂිකර්මයට වෙච්ච හානියට සල්ලි දෙන්නෙත් නැත්තම් නිවාස හදාගන්න කියලා දෙනවා කියපු ලක්ෂ පනහයි ලක්ෂ සීයයි ඉඩම් ගන්න දෙනවා කියපු ඒවා දෙන්නෙත් නැතුව ආණ්ඩුව දැන් නිකං බොරුවට මේ අපිට ඇඟිල්ල දික් කරලා අපිට පැනලා අපිට චෝදනා නගලා තමන්ට සාධාරණයක් කරන්න පුලුවන් කියලා හිතනවනම් ආණ්ඩුවට වැරදිලා.නාමල් රාජපක්ෂ ගැන හොයන්න කලින් ආණ්ඩුව තමන්ගේ වෙච්ච පොරොන්ද ඉටු කරන්න කටයුතු කරනවා වගේම අර බාලගල් අඟුරු ගෙනාපු අය ගැනත් හොයන්න වරාය කන්ටේනර් පන්නපුවා ගැනත් හොයන්න. ඒවා බැරි වෙනකොට ආණ්ඩුව අපිට චෝදනා කරනවා.

මුලින්ම රටේ සෞඛ්‍ය ඇමතිවරයා ටික් ටොක් බලන එක නවත්තලා වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය බලන්න.ටික් ටොක් බල බල හිටියොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙනදේ අපිට හිතා ගන්න පුළුවන්.අද වෛද්‍යවරුන්ගේ විශාල ගැටළුවක් තියෙනවා බෙහෙත් නෑ. රෝගීන් අසරණ වෙලා තියෙනවා. රෝගීන් ගැන හිතලවත් ඔය ටික් ටොක් බලන එක නවත්තලා සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්න සෞඛ්‍ය ඇමතිවරයා කටයුතු කළොත් හොදයි.
ඉතින් මනමාලයෙක් හෝ මනමාලියක් අවශ්‍ය නම් ටික් ටොක් ඔයා බලන්නේ නැතුව වෙනත් ක්‍රමයකට පොරොන්දම් බැලුවොත් හොඳයි කියලා මට හිතෙනවා.එතුමාට කියන්න තියෙන්නේ ඒ ටික තමයි.

මම විශ්වාස කරනවා නායකයෝ බිහිවෙන්න ඕන. ඉතින් ඒ හින්දා ඊළඟ මැතිවරණ වලට ඔය කියන පුද්ගලයා වගේම අනිත් අයත් සූදානම් වෙන්න. අවසානයේ ජනතාව හොඳ කෙනෙක් තෝරගනී. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා.මොකද අවසානයේ අපට සිද්ධ වෙන්නේ නායකයෝ නැති වෙනත් අය විසින් මෙහෙයවන රූකඩයෝ රූකඩ චරිත නායකත්වයට බිහිවෙයි. ඉතින් ඒ හින්දා පෞද්ගලික මතය නම් එතුමා වෙන්න පුළුවන් පුළුවන්. විපක්ෂ නායකතුමා වෙන්න පුළුවන් තවත් දේශපාලන පක්ෂවල ඉන්නවා නායකයෝ ඉතින් මේ හැමෝම ඊළඟ නායකත්වයට සූදානම් වෙන්න ඕන ජනතාව හොඳ පුද්ගලයෙක් පත්කරගනී.

Hot this week

හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ...

අධි ආරක්ෂිත කලාප ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් ද ?

දැනට පවතින අධි ආරක්‍ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම...

අදත් පැය 12 ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (09) සහ හෙට...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8 සිට පැය 48ක දීප ව්‍යාප්ත වැඩවර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(09) උදෑසන 8 සිට පැය...

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් මේ...

Topics

හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ...

අධි ආරක්ෂිත කලාප ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් ද ?

දැනට පවතින අධි ආරක්‍ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම...

අදත් පැය 12 ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (09) සහ හෙට...

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් මේ...

උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට සිට

'දිට්වා' සුළි කුණාටුවෙන් අඩාල වූ උතුරු මාර්ගයේ දුම්රිය සේවා...

නවීකරණයට ලක් වූ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට

නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට...

උත්සව කෑම වට්ටෝරු මිල ඉහළට

උත්සව කෑම වට්ටෝරු සඳහා මෙතෙක් අයකරුණු ලැබූ ගාස්තුව අද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron