රනිල්, මෛත්‍රී සහ ජනපතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

මෙරට කාන්තාවන්ට හා පිරිමින්ට ජීව විද්‍යාත්මක පදනමින් බැහැරව තම අභිලාෂය පරිදි සැත්කම් මගින් ලිංගික අනන්‍යතාව වෙනස් කර ගැනීම සඳහා පහසුකම් සලසමින් පසුගිය රජයන් සහ වර්තමාන රජය ක්‍රියාත්මක කරන වැඩසටහන් හා චක්‍ර ලේඛ නීතිවිරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයකට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේ ය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින් ඉදිරිපත් කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී ය.

ඒ අනුව, මෙම පෙත්සම ජූලි මස 20 වන දා අධිකරණය හමුවේ සලකා බලන බව දන්වමින් වග උත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස අධිකරණය නියම කළේ ය.

චෝදනා එල්ල වන්නේ කාටද ?

පෙත්සම්කරු තර්ක කරන්නේ, ජීව විද්‍යාත්මක පදනමින් බැහැරව වෛද්‍ය සැත්කම් මගින් යම් අයෙකුට ස්ත්‍රී පුරුෂභාවය වෙනස් කර ගැනීමට නීතිමය හැකියාවක් නොමැති බව ය.

එහෙත්, 2016 වසරේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබූ චක්‍රලේඛ හා මාර්ගෝපදේශ අනුව මනෝ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ සහතිකයක් මත පුද්ගලයෙකුට සිය ලිංගික අනන්‍යතාව සැත්කමක් මගින් වෙනස් කර ගැනීමට ඉඩ සලසා තිබෙන බවට පෙත්සම්කරු චෝදනා කරයි.

මෙවැනි ලිංගික වෙනස්වීමකට භාජනය වන පුද්ගලයින්ට අලුතින් උප්පැන්න සහතික හා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට රජය කටයුතු කරන බවට චෝදනා කළ පෙත්සම්කරු, එය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බව සඳහන් කළේ ය.

පසුගිය රජයන් විසින් ක්‍රියාත්මක කරන ලද මෙවැනි වැඩසටහන්වලට සහය දෙමින් වර්තමාන රජය ද පුද්ගලයින්ට නීති විරෝධී ලෙස ලිංගික පරිවර්තනයන් සිදු කර ගැනීමට අවශ්‍ය සහය දෙමින් කටයුතු කරන බවත් ඔහු සිය පෙත්සම තුළින් චෝදනා කර තිබේ.

මේ ආකාරයෙන් සිය කැමැත්ත පරිදි ලිංගික අනන්‍යතාව වෙනස් කිරීම හරහා සමලිංගික විවාහවලට මග පෑදෙන බවත් එය ද නීතියට පටහැනි ක්‍රියාවක් බවත් ඔහු පෙත්සමේ සඳහන් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකදී නිකුත් කරන ලද තීන්දුවකට අනුව ජනමත විචාරණයකින් තොරව පුද්ගල අභිලාෂය පරිදි ලිංගභේදය තීරණය කිරීම සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බව සඳහන් කර ඇතැයි පෙත්සම්කරු කියා සිටියි.

මෙම නීතිවිරෝධී ක්‍රියාවට ඉඩ සැලසීම තුළින් වගඋත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති බවත්, ඒ අනුව ජීව විද්‍යාත්මක පදනමකින් තොරව සිය අභිලාෂය පරිදි සැත්කම් මගින් ලිංගික අනන්‍යතාව වෙනස් කර ගැනීමට අනුමැතිය දෙමින් නිකුත් කර තිබෙන සියලු චක්‍රලේඛ හා රාජ්‍ය වැඩසටහන් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, කාන්තා කටයුතු අමාත්‍යවරිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron