මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද (13) උදෑසන කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු, අමාත්‍ය වරයකු මෙන්ම ආණ්ඩුකාර ධුරයක් හොබවා ඇති ඒ මහතා 1934-08-30 උපත ලබා ඇති අතර මියයනවිට 91 වන වියෙහි පසුවිය.
දැරූ තනතුරු
- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
- විද්‍යාත්මක කටයුතු අමාත්‍යතුමා (2010-11-22)
- තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමිය (2010-05-05)
- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවන පාර්ලිමේන්තුව
- විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමා (2007-01-28)
- විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමා (2005-11-23)
- විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමා (2004-04-10)
ව්‍යවස්ථාදායක ඉතිහාසය
- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව (2020-08-12 – 2024-09-24)
- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව (2010-04-21 – 2015-06-26)
- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවන පාර්ලිමේන්තුව (2010-03-09 – 2010-04-08)
- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවන පාර්ලිමේන්තුව (2004-04-08 – 2010-02-09)


