අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුවෙකු හඳුනාගැනේ

තලංගම, අකුරේගොඩදී නීතිඥයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ එක් වෙඩික්කරුවෙකු සහ ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සැපයූ බව කියන පුද්ගලයෙකු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවය.

"අපරාධයට සම්බන්ධ වාහනය බද්දේගම ප්‍රදේශයේදී ගිනි තබා විනාශ කර තිබියදී සොයාගනු ලැබුවා. අපරාධය සඳහා ගිනි අවි ලබා දීමට පැමිණි රථය කොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙඩික්කරුවන් අපරාධය සිදු කිරීමට ප්‍රථම නවාතැන්පොළ වෙත කැඳවා ගෙන පැමිණි රථය අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු ආරම්භ කරලා තිබෙනවා සහ මෙහි හිමිකරු මේ වන විට හඳුනාගෙන තිබෙනවා. එ් වගේම මෙම අපරාධය සිදු කිරීම සඳහා රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබූ සැකකරු අංක 102/9, පන්සල පාර, රුක්ගහවෙල පදිංචි රූබට් සුරේෂ් බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා ඔහු අත්අඩංගුවට ගැනීමට මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා. වෙඩික්කරුවන් අපරාධය සිදු කිරීමට ප්‍රථම නවාතැන්පොළ වෙත කැඳවා ගෙන පැමිණි රථයේ හිමිකරු රසික නිවස පරණ කොළණිය ඇත්කඳුර ගාල්ල නිවසේ පදිංචි වන්නිආරච්චිගේ සිහින දිල්සර යන අය බව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව සැකකරු සහ අදාළ රථය අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා."

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron