ධීවර කටයුතු ආශ්‍රිත කිමිදුම්කරුවන්ට හදිසි අනතුරු ජීවිත රක්ෂණ යෝජනා ක්‍රමයක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් ධීවර කිමිදුම් කටයුතුවල නිරත ධීවර කාර්මිකයන් උදෙසා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත.

කිමිදුම්කරුවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන ලෙස කලක සිට කිමිදුම්කරුවන්ගේ සංගමය විසින් හා ඒ ආශ්‍රිත ධීවර කටයුතු වල නියැලෙන ධීවර කාර්මිකයන් විසින් ඉල්ලීම් කර තිබුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම කිමිදුම් කරුවන් සඳහා වන විශේෂිත රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

” පොහොසත් රටක් – ලස්සන ජිවිතයක් ” යන රාජ්‍ය ප්‍රතිපත්තිය මත කිමිදුම්කරුවන්ගේ ජිවිතඅවදානම කළමනාකරණය කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙමින් මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව ධීවර කටයුතු ආශ්‍රිතව ධීවර කර්මාන්තයට අදාළව කිමිදුම් කටයුත්තක නිරතව සිටියදී රක්ෂිතයාට සිදුවන මරණයකදී රුපියල් ලක්ෂ 12ක් ලබාදීම සිදු කෙරේ.

මුහුදේදී හෝ මිරිදිය ජලාශයක ඇතුළත කිමිදුම් කටයුත්තක නිරතව සිටින අතරතුරදී ඇති වූ අනතුරක් හේතුවෙන් රක්ෂිතයාට සිදුවන තාවකාලික අකර්මණ්‍ය වීම් ද මෙම යෝජනා ක්‍රමය මගින් ආවරණය කරනු ලැබේ.

මෙහිදී රු.1,200,000/-, රු.1,500,000/-, රක්ෂණ ආවරණ සහිත විවිධ යෝජනා ක්‍රම හඳුන්වාදී ඇති අතර වර්ෂයකට රක්ෂණ ආවරණයක් වෙනුවෙන් ධීවර කාර්මිකයා ගෙවිය යුතු වන්නේ රු.1920/-මුදලක් පමණි.

Hot this week

ශිරන්ති රාජපක්ෂ ලබන 16 වනදා දක්වා යළි රිමාන්ඩ්

බැංකු අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට ශිරන්ති රාජපක්ෂ...

එයාබස් විමර්ශන අවසන්, නාමල්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයක්

එයාබස් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව...

නාමල් රාජපක්ෂ මේ මස 27 වනදා දක්වා යළි රිමාන්ඩ්

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක්...

යෝෂිත සහ කරන්නාගොඩට එරෙහි අල්ලස් නඩුව කල් යයි.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්...

මුලින් හදවතේ අමාරුවක්, පසුව ඇසේ ආබාධයක්!

'සිරිලිය සවිය' මූල්‍ය ගනුදෙනු විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර...

Topics

ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවූයේ මාලිමාවේ ඉහළින් ආ බලපෑමටයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාගාරය තුළදී සිවුර ඉවත් කර...

IMF සමඟ නව වැඩසටහනකට යාමට රජය සූදානම්

රටේ ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා නව එකඟතාවකට...

මාස නවයකදී ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 9,613ක්

වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron