Friday, February 27, 2026
27 C
Sri Lanka

අලි සබ්‍රි, සලේ ගැන කියන්නෙ බොරු ! යුද්ධයට දායක වීම අපාරධ වැරදිවලින් මුක්තිය ලැබීමට හේතුවක් නෙවෙයි ! – සරත් ෆොන්සේකා කියයි.

-WHAT NEWS-

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ තමිල් චෙල්වන් ඇතුළු කොටි නායකයන්ට පහරදීමට බුද්ධි මෙහෙයුම් සිදු කළේයැයි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි විසින් ෆේස්බුක් සටහනක ලියූ ප්‍රකාශය සාවද්‍ය බව හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැවසීය.

අප කළ විමසීමකදී සරත් ෆොන්සේකා මහතා පැවසුවේ මෙම මෙහෙයුම් හමුදා බුද්ධි අංශවලින් සිදු කළ බවයි. එම කාලසීමාවේ සුරේෂ් සලේ මහතා හමුදා බුද්ධි අංශවල ක්‍රියාකාරීව නොසිටි බව ඔහු පෙන්වා දුන්නේය.

අලි සබ්‍රි මහතා ලියා ඇති සටහනට කමෙන්ට් එකක් ලියමින් තමන් ප්‍රතිචාරයක් දැක්වූ බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්‍සෙේකා මහතා අප වෙත පැවසීය. කෙසේ වෙතත් එම කමෙන්ටුව නිරීක්ෂණය කිරීමට අප කළ උත්සාහයේදී දක්නට ලැබුණේ අලි සබ්‍රි මහතා සිය පෝස්ටුව ඉවත් කරගෙන ඇති බවය.

කෙසේ වෙතත් අලි සබ්‍රි මහතා ලියා ඇති සටහනේ මෙසේ සදහන් කර තිබුණි.

‘අද ශ්‍රී ලංකා හමුදාවට සහ එහි බුද්ධි බලකායට දැඩි කරදරකාරී දිනයක්. එල්ටීටීඊ බුද්ධි ජාලය විසුරුවා හැරීම, තමිල්චෙල්වන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් ඉලක්ක කර ගැනීමට හේතු වූ බුද්ධි මෙහෙයුම් සහ කේපී අත්අඩංගුවට ගැනීමට සම්බන්ධ උත්සාහයන් සමඟ පුළුල් ලෙස සම්බන්ධ වූ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම, අපගේ ජාතික කතිකාව ගමන් කරන දිශාව පිළිබඳව බරපතල කනස්සල්ලක් මතු කරයි.‘

මෙවැනි බුද්ධි මෙහෙයුම් පසුපස සුරේෂ් සලේ සිටි බවට වන ප්‍රකාශ සරත් ෆොන්සේකා මහතා ප්‍රතික්ෂේප කරන අතර ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ බුද්ධි නිලධාරීන් සිදු කරන මෙහෙයුම් පිටතට ප්‍රසිද්ධ නොකරන බවයි.

එමෙන්ම යුද්ධයට දායක වීම මත යම් නිලධාරියෙකුට සිය අපරාධ වැරදිවලින් මුක්තියක් ලැබෙන්නේදැයි විමසූ විට ෆීල්ඩ් මාෂල්වරයා සිහිපත් කළේ තමන්ට රාජපක්ෂ පාලන සමයේදී සැලකූ ආකාරයයි.

‘මාව එළියට දැම්මා. හමුදා නිලධාරීන් සීයක් විතර අත්අඩංගුවට අරන් තිබුණා. මගේ ආරක්ෂාවේ හිටපු බුද්ධි නිලධරීන් 17 දෙනෙක් අත්අඩගුවට ගත්තා. යුද්ධයට දායක වූ බ්‍රිගේඩියර්ලා, කර්නල්ලා 30ක් එළියට දැම්මා. සබ්‍රිලා එතකොට කතා කළේ නෑ. වැඩිපුරම යුද්යේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් පළිගත්තේ රාජපක්ෂලාගේ ආණ්ඩුව තමයි. ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ තමයි ඒවා කළේ.‘ යනුවෙන් ඔහු පැවසීය.

මෙම ප්‍රවෘත්තියට අදාළව යුද සමයේ වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදියෙකු මෙසේ සඳහන් කර තිබුණි:

සුරේෂ් සලේ යනු සැබවින්ම රාජපක්ෂලාගේ “වැඩකාරයෙකි”. එහෙත් ඔහු යුද බිමේ වැඩකාරයෙකු නොවේ. තමිල්සෙල්වම් මියයන විට සලේ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටියේ නැත. එකල ඔහු සිටියේ රාජපක්ෂවාදී බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ යටතේය. සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිව සිටි සමයේ බුද්ධි අධ්‍යක්ෂ (DMI) ලෙස පත් කළේ බුද්ධි අංශයෙන් පිටස්තර වූ ජෙනරාල් ජම්මික ලියනගේ සහ බ්‍රිගේඩියර් අමල් කරුණාසේකර යන නිලධාරීන්ය. තමිල්සෙල්වම්ට සහ එල්ටීටීඊ නැව්වලට පහර දීමට බුද්ධි තොරතුරු සැපයූයේ සලේ නොව, බ්‍රිගේඩියර් අමල් කරුණාසේකර යටතේ සිටි කණ්ඩායම්ය.

අරගල සමයේදී ද සලේගේ බුද්ධි තක්සේරු අසාර්ථක විය. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹට එන බව ඔහුට වැටහුණේ නැත. ගෝඨාභය රාජපක්ෂ ලියූ පොතේ පවා සලේගේ අසාර්ථකත්වය වක්‍රව සඳහන් වේ. අරගලකරුවන් ජනාධිපති මැදුර වටකරන විට සලේ සිය සේනාධිනායකයා දමා අරගලකරුවෙකු මෙන් වෙස්වලාගෙන පලා ගිය බවද වාර්තා වේ. ඔහු සිය දුර්වලතා වසා ගැනීමට “ගොබෙල්ස් න්‍යාය” භාවිතා කරමින් තමන් වෙනුවෙන් මාධ්‍යවේදීන් පිරිසක් නඩත්තු කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ විමර්ශනවලට අනුව පෙබරවාරි 25 වැනිදා විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගනු ලැබීය.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...

ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට අලුතින් වචන 11ක්

ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට යොදාගන්නා ඇතැම් ව්‍යවහාරික වදන් හේතුවෙන්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron