හිටපු ඇමති ජි. එල් ගෙන් ජනපතිට ලිපියක්

මැදපෙරදිග කලාපයේ උද්ගතව තිබෙන යුදමය ගැටුම්කාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන අභියෝග සහ එහි බරපතලකම සම්බන්ධයෙන් හිටපු විදේශ අමාත්‍ය ජි. එල් පීරිස් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

එම ලිපිය මගින් ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් හුවාදක්වමින් ජී. එල් පිරීස් මහතා ඉල්ලා ඇත්තේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය වහාම යොමුකරණ ලෙසෙටය.

ලෝක වෙළෙඳපොළේ ඉහළ යන තෙල් මිල නුදුරු අනාගතයේදීම දේශීය වෙළෙඳපොළටද බලපානු ඇති බැවින් ඒ හරහා මෙරට ජීවන වියදම ඉහළ යන බවත්, දැනටමත් ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳින මෙරට ජනතාවගේ පීඩනය තවදුරටත් දැඩි වන බවත් ඒ මහතා පෙන්වා දී ඇත.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් විශේෂයෙන්ම මෙරට තේ වැනි අපනයන භාණ්ඩ සඳහා වෙළෙඳපොළට ප්‍රවේශ වීම අහිමි වී යා හැකි බවත් එමගින් අපනයන ආදායම පහත වැටීමේ අවදානමක් පවතින බවත් එම ලිපියේ සඳහන් වේ.

එමෙන්ම පවතින ගුවන් ගමන් අවහිරතා හේතුවෙන් යුරෝපය, උතුරු අමෙරිකාව සහ ගල්ෆ් කලාපයෙන් පැමිණීමට නියමිතව සිටි සංචාරකයින් විශාල වශයෙන් මේ වන විට, වෙන් කරවාගත් නවාතැන් පහසුකම් ද අවලංගු කරමින් සිටින වාතාවරණයක සංචාරක හෝටල් ක්ෂේත්‍රයට එයින් දැනටමත් බලපෑම එල්ල වී ඇති බව ඒ මහතා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

තවද සමස්ත ගල්ෆ් කලාපය පුරා සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවන විදේශ විනිමය අඛණ්ඩව පවත්වාගෙන යාම මෙම තත්ත්වය හමුවේ දැඩි අවදානමකට ලක්ව ඇති බවත් ඒ මහතා සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

එම සම්පූර්ණ ලිපිය පහතින්,

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron