ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 84ක‌ගේ සිරුරු සොයාගනී

ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වු මුහුදු සීමාවේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්ව ගිලී ගිය ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 84 දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

ඒ අනුව නාවික හමුදාව සඳහන් කළේ, අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරන බවයි.

ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS Dena’ නෞකාව ශ්‍රී ලංකාවට නිරත දෙසින් වූ ගැඹුරු මුහුදේදී අමෙරිකානු සබ්මැරීනයක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් මුහුදුබත් වුණා.

එය 180 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සමඟ ඉන්දියාවේ විශාකා පට්නම්හි පැවති ජාත්‍යන්තර නාවික හමුදා යාත්‍රා පෙළ ඇගයීමේ යුද අභ්‍යාස මෙහෙයුම සඳහා සහභාගී වී සිට නැවතත් ඉරානය බලා යමින් සිටින අතරතුර අනතුරට ලක්ව තිබුණා.

අමෙරිකානු සබ්මැරිනයක සිට ටෝපිඩෝවක් ආධාරයෙන් අදාළ නෞකාවට ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා.

“ඊයේ අමෙරිකානු සබ්මැරීනයක් මඟින් ජාත්‍යන්තර මුහුදේදී අප ආරක්ෂිතයි සිතා කටයුතු කළ ඉරාන යුද නෞකාවක් මුහුදුබත් කළා. එය ගිල්වා දැම්මේ ටෝපීඩෝවක් යොදාගෙන. නිහඬ මරණයක් ටෝපිඩෝවක් යොදාගෙන සතුරු නෞකාවක් ගිල්වනු ලැබුවේ දෙවැනි ලෝක සංග්‍රාමයෙන් අනතුරුව පළමුවරටයි.අපි සටන් කරන්නේ දිනන්න. නිසැකවම, විනාශකාරී ලෙස කිසිම සමාවක් නොදී අමෙරිකාව දිනනවා.”

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, දෙවන ලෝක යුද්ධයෙන් පසුව සතුරු නෞකාවක් ටෝපිඩෝවක් ආධාරයෙන් ගිල්වා දැමූ පළමු අවස්ථාව මෙය වන බවයි.

අදාළ ප්‍රහාරය එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ද මේ වන විට අමෙරිකාව විසින් නිකුත් කර ඇති බව සඳහන් වනවා.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron