ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ, අප්‍රේල් මස 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර හැර වෙනත් ඕනෑම පුද්ගලයෙකුට සුරේෂ් සලේ පිළිබඳව විමර්ශන බාරදෙන ලෙස අද දින අධිකරණයට කරුණු දැක්වූ හිටපු රාජ බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සල්ලිගේ නීතිඥයන් කරුණු දක්වමින් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මෙම කරුණු සලකා බැලීමෙන් පසුව එලෙස නියෝගයක් ලබාදීම ප්‍රතික්ෂේප කළේය. ඔහු පෙන්වා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මෙම පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන ආරම්භ කළ බවත්, ඔහු එයින් ඉවත් කලහොත් එය යළි හැරවීමට නොහැකි බවත්ය.


