2026 වසරේ සිට සියලුම පෙරපාසල් සඳහා එකම විෂයමාලාවක්

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ (22)  පාර්ලිමේන්තුවේ දී රැස් විය.

මෙම අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, 2026 වසරේ සිට දිවයින පුරා සියලු ම පෙරපාසල් සඳහා එක ම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බව ය.

ඇයපැවසූවේ, පූර්ව ළමාවිය විෂය මාලා රාමුව මේ වන විට සම්පූර්ණ කර අවසන් ව ඇති අතර, දහනවදහසකට ආසන්න පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ  නිලධාරීන්ගේ පුහුණු වැඩසටහන 2025 නොවැම්බර් මස 25 දින ආරම්භ කිරීමට නියමිත ව ඇති බව ය.

එහි දී සෑම පළාතක ම ගුරු පුහුණුවීම් සිදු කරන අතර, එමගින් නව විෂයමාලා රාමුවකට අනුව ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ඇති බව ද අග්‍රාමාත්‍යවරිය පැවසී ය.

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළේ, පාසල් කිසිවක් නොවසන බවත්, පාසල් ඒකාබද්ධ කර සංවර්ධනය කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන බවත් ය.

මෙය අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක සංවර්ධනය හා සැමට සම අවස්ථා ලබා දීමේ අරමුණින් සිදු කරන බවත් ඇය සඳහන් කළා ය.

Hot this week

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

එළඹෙන ජුනි මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට...

කපිලගේ මහේස්ත්‍රාත් පරීක්ෂණයට අධිකරණය අද දුන් නියෝගය

පසුගියදා අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු...

ඩොලරයේ විකුණුම් මිල රු 342ක් වෙයි

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී...

කොළඹ ප්‍රධාන ජල සැපයුම් නළ මාර්ගයක හදිසි බිඳවැටීමක්

අඹතලේ සිට කොළොන්නාව දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් නළ...

‘පිළිකා ඖෂධ රැසක මිල වැඩිවෙලා ‘

පිළිකා ඖෂධ කාණ්ඩ රැසක හිඟය සහ අදාළ ඖෂධ බාහිරින්...

Topics

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹේ

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ අරමුණින්, සමස්ත...

කෝපි වගාව සඳහා රක්ෂණාවරණයක් 

කෝපි වගාව සඳහා රක්ෂණාවරණයක් හඳුන්වාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ...

යෝෂිතගේ නඩුව කල්යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron