Saturday, April 4, 2026
22.1 C
Sri Lanka

බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් ඇතුළු රස කැවිලි නිෂ්පාදන මැයි මාසය තෙක් මිල වැඩි නොකිරීමට තීරණයක්

බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් ඇතුළු රස කැවිලි නිෂ්පාදන මිල එළැඹෙන මැයි මාසය දක්වා වැඩි නොකරන බව ලංකා රස කැවිලි හිමියන්ගේ සංගමය පවසයි.

ඊයේ (26) එම සංගමයේ නියෝජිතයින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමග පැවැති සාකච්ඡාවකදී මේ බව පැවසීය.

මැද පෙරදිග කලාපීය යුධ ගැටුම් හමුවේ වර්තමානයේ රටේ උද්ගතව ඇති තත්ත්වයන් තුළ බිස්කට් ඇතුළු රස කැවිලි නිෂ්පාදන කර්මාන්තයට ඇතිකර තිබෙන බලපෑම් සහ එය කළමනාකරණයට එම කර්මාන්තකරුවන් ගන්නා තීරණ පාරිභෝගිකයාට බලපාන ආකාරය සම්බන්ධව සාකච්ඡා කිරීමට වෙළෙඳ අමාත්‍යවරයා විසින් මෙම හමුව කැඳවා තිබුණි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යාම මේ මොහොතේ පාරිභෝගිකයාට දරා ගත නොහැකි බවත් ගෝලීය තත්ත්වය විසින් ඇති කර තිබෙන බලපෑම තුළ මෙරට බිස්කට් කර්මාන්තයේ නිරත පිරිස් රැකගනිමින් පාරිභෝගිකයා ද පීඩාවට පත්වීම අවම වන ලෙස කළමනාකරණය කර ගැනීමේ අපේක්ෂාව බවද සඳහන් කළේය.

ඒ අනුව අදහස් දක්වමින් රස කැවිලි හිමිකරුවන්ගේ සංගමයේ සභාපති එස්.එම්.ඩී සූරියකුමාර මහතා පැවසුවේ පසුගිය කාලය පුරාවටම රසකැවිලි අමුද්‍රව්‍ය මිල වැඩි වූ නමුත් කොවිඩ් කාලයෙන් පසුවද රස කැවිලි නිෂ්පාදන මිල වැඩි කිරීමක් සිදු නොකළ බවය.

නමුත් සීමා සහිත ලාභ සමගින් මෙම කර්මාන්තය පවත්වාගෙන යන බවත් මාර්තු, අප්‍රේල්, නොවැම්බර් සහ දෙසැම්බර් යන කාල සීමාවන් යනු රසකැවිලි කර්මාන්තයට වඩා හොඳ කාල සීමාවක් බවද පැවසීය.

ඒ අනුව මේ වන විටත් අලුත් අවුරුදු කාලසීමාව සඳහා රස කැවිලි නිෂ්පාදන බෙදා හරිමින් තිබෙන බවත් පැවසූ ඒ මහතා පැවසුවේ කුමන අර්බුද පැමිණියද අලුත් අවුරුදු කාල සීමාව අවසන් වන තෙක් නිෂ්පාදනයක් හී මිල වැඩි කිරීමක් සිදු නොකිරීමට තීරණය කළ බවත් ඒ මහතා සඳහන් කළේය.

කෙසේ නමුත් මැයි මාසයෙන් පසුව තවදුරටත් ගෑස්, විදුලිය සහ අමුද්‍රව්‍ය මිල ඉහළ ගියහොත් පමණක් යම් මිල සංශෝධනයකට යොමුවීමට සිදුවන බවත් පැවසූ ඒ මහතා පැවසුවේ එතෙක් කිසිදු මිල වැඩි කිරීමක් සිදු කිරීමට අපේක්ෂාවක් නොමැති බවද පැවසුවේය.

අමුද්‍රව්‍ය රේගුවෙන් නිදහස් කර ගැනීමේදී විශාල ප්‍රමාදයක් සිදුවන බවත් දැනටමත් නැව්ගත කිරීම් ගාස්ත ලෙස අතිරේක ගාස්තුවක් අයකරන බවට දැනුම්දී ඇති බවත් පෙන්වා දුන් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ රස කැවිලි නිෂ්පාදන බෙදා හැරීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන සැපයීමට සුදුසු ක්‍රමවේදයක් සකසා දෙන ලෙසත් දැනට හඳුන්වාදී ඇති ක්‍රමවේදයේ ගැටලු විසඳා දෙන ලෙස අමාත්‍යවරයාගෙන් මෙහිදී ඉල්ලා සිටි බවත්ය.

Hot this week

ගල් අඟුරු වංචාව පිටිපස්සෙ අනුර ජනාධිපතිවරයා ඉන්නවා -නාමල් රාජපක්ෂ-

ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කරන්න කටයුතු...

ප්‍රදේශ අනුව හෝමාගම අවට පැය 24ක ජලය අත්හිටුවීමට තීරණයක් 

පැය 24ක ජල කප්පාදුවක්පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදිරය...

ශමීන්ද්‍ර රාජපක්ෂට සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳට වරෙන්තු

එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන...

පාසල් විනය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛකයක්

පාසල් තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින්...

දිවයිනේ සියලු රෝහල්වල අදත් GMOA වැඩවර්ජනය අරඹයි

අද (02) උදෑසන 8.00 සිට හෙට (03) උදෑසන 8.00...

Topics

ගල් අඟුරු වංචාව පිටිපස්සෙ අනුර ජනාධිපතිවරයා ඉන්නවා -නාමල් රාජපක්ෂ-

ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කරන්න කටයුතු...

ප්‍රදේශ අනුව හෝමාගම අවට පැය 24ක ජලය අත්හිටුවීමට තීරණයක් 

පැය 24ක ජල කප්පාදුවක්පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදිරය...

ශමීන්ද්‍ර රාජපක්ෂට සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳට වරෙන්තු

එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන...

පාසල් විනය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛකයක්

පාසල් තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින්...

හෙට ඔත්තේ සහ ඉරට්ටේ දෙකටම තෙල්

හෙට (01) දිනයේ එනම් අප්‍රේල් 01 වෙනිදා ඔත්තේ සහ...

සජින් වාස්ට ඇප

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන...

බලශක්ති අරපිරිමැස්ම වෙසක් සහ පොසොන් ආගමික උත්සවවලට බලපානවා ද?

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය යටතේ මෙරට මතුව ඇති බලශක්ති...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron