Wednesday, April 22, 2026
27.2 C
Sri Lanka

ජගත් මිහිතල දිනය අද !

ජගත් මිහිතල දිනය අදට (22) යෙදී තිබේ.

මෙවර එහි තේමාව වන්නේ Our Power – Our Planet (යොදා මිනිස් බලයක් – රැකගමු මිහිතලයක්) යන්නයි.

2026 වසරේදී අප මුහුණ දෙන පාරිසරික අභියෝගයන් අතරට දේශගුණික විපර්‌යාස, ජෛව විවිධත්වය හා පාරිසරික පද්ධති අහිමි වීම, කාර්මික අපද්‍රව්‍ය එක් රැස්වීම වන හායනය වැනි සංකීර්ණ ගැටළු රැසක් අවිදිමින් තිබේ.

ජගත් මිහිතල දිනයේ ආරම්භය හා විකාශනය

ලොව පළමුවරට මිහිතල දිනය සැමරුනේ 1970 වර්ෂයේදීය. මේ සඳහා පුරෝගාමී වී කටයුතු කරන ලද්දේ ඇමරිකානු සෙනෙට් සභිකයෙකු හා පරිසරවේදියකු වු ගේලෝඩ් නෙල්සන් නැමැත්තෙකි. ඔහු හා හාවඩ් විශ්වවිද්‍යාලයේ දේශපාලනිකව ක්‍රියාකාරී සරසවි සිසුවෙකු වූ ඩෙනිස් හේස් විසින් මිහිතල දිනය වශයෙන් අප්‍රේල් 22 යොදාගන්නා ලදි. ඔවුන් විසින් 1970 අප්‍රේල් මස 22 දින දහස් ගනන් ජනතාව විදීවලට ගෙන්වා ඇමරිකාවේ පැවති පරිසර විනාශය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම හා වගකිවයුත්තන්ගේ අවධානය යොමු කරවීමේ අරමුණින් මිහිතලය සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රමදාන හා පෝස්ටර් ව්‍යාපාර ඇතුළුව සංවිධානය කරන ලද සාමකාමී පරිසර අරගලයක් ලෙස මිහිතල දිනය ආරම්භ කර ඇත. මෙහිදී එකල පැවති වියට්නාම් යුද්ධයෙන් සිදු වන පරිසර විනාශය පිළිබඳ ජනතාවගේ අවධානය යොමු නොවන බව දුටු ඔහු, දුමාරය,තෙල් වැගිරීම් හා කෘමිනාශක ආදීයෙන් පෘථීවියට සිදු වන හානිය සම්බන්ධයෙන් අවධානය යොමු කරවන ලදී. මේ සඳහා ඇමරිකානුවන් මිලියන විස්සක් පමණ සහභාගි වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස වසර කිහිපයක් තුළ ඇමරිකාවේ පරිසර සංරක්ෂණයට අදාළ අණ පනත් ගණනාවක් ඇති වු අතර ඒ සඳහා වගකිව යුතු ආයතන කිහිපයක් ද ස්ථාපනය කිරීමට ද අවධානය යොමු කර තිබෙන බව පිළිගනී.

මෙම මිහිතල දිනය ඇමරිකාව තුළ ආරම්භ වුවද පසුව ලොව දසත ව්‍යාප්ත වු සංකල්පයකී. 1980 දශකයේ සිට සෑම වසරකම අප්‍රේල් මස 22 වැනි දිනය මිහිතල දිනය ලෙස සැමරීමට ලොව පුරා රටවල් රැසක් අවධානය යොමු කර ඇත. 1990 වන විට ලොව පුරා රටවල් 141ක පුද්ගලයින් මිලියන 200ක පිරිසක් මෙම දිනය සැමරිමට එක්විය. 2000 වසර වන විට ලොව පුරා පරිසර සංවිධාන 5000ක දායකත්වයෙන් රටවල් 184ක ලෝක මිහිතල දිනය සමරන  ලදී. එහෙත් මෙම දිනය එක්සත් ජාතීන් ගේ දිනයක් සේ නොසැලකේ. නමුත් 2009 වසරේ දී ‘ජාත්‍යන්තර මිහිතල මාතා දිනය’ යනුවෙන් හැඳින්වෙන්නේ ද අප්‍රේල් 22 වන දිනයයි. මෙය එක්සත් ජාතීන්ගේ සංවත්සර දිනයකි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2009 වර්ෂයේ දී සම්මත කරන ලද යෝජනාවක් අනුව මෙම දිනය නම් කරන ලදී. එහි අරමුණ “පොළව මත ඇති සියලුම ජිවීන්ගේ පැවැත්ම තහවුරු කරන පද්ධතියක් ලෙස මිහිතලය සැලකීම” යන්නයි.

Hot this week

බහාලුම් 323 ගැන සොයන පාර්ලිමේන්තු කමිටුව අදත් රැස්වෙයි

කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය...

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙකු අල්ලස් දැලේ

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙකු (විශ්‍රාමික) අල්ලස් හෝ...

ලොකු පැටීගේ නඩුවක කරුණු වාර්තා කරයි

රිමාන්ඩ් භාරයේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන “ලොකු...

Low Floor බස් රථ සේවාව මාකුඹුරින් ඇරඹෙයි

ආබාධිත ප්‍රජාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් ක්ලීන් ශ්‍රී ලංකා ජාතික...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ නුවරඑළිය...

Topics

බහාලුම් 323 ගැන සොයන පාර්ලිමේන්තු කමිටුව අදත් රැස්වෙයි

කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය...

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙකු අල්ලස් දැලේ

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙකු (විශ්‍රාමික) අල්ලස් හෝ...

ලොකු පැටීගේ නඩුවක කරුණු වාර්තා කරයි

රිමාන්ඩ් භාරයේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන “ලොකු...

Low Floor බස් රථ සේවාව මාකුඹුරින් ඇරඹෙයි

ආබාධිත ප්‍රජාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් ක්ලීන් ශ්‍රී ලංකා ජාතික...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ නුවරඑළිය...

”පාස්කු ප්‍රහාරය තනිකර දේශපාලනීකරණය කරලා තියෙනවා” -නාමල් රාජපක්ෂ-

තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ...

සාමයේ පා ගමන ගැන ජනපතිගේ සටහන

අද (21) සිට මෙරටින් නිල වශයෙන් ආරම්භ වන සාමයේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron