බහාලුම් 323 ගැන සොයන පාර්ලිමේන්තු කමිටුව අදත් රැස්වෙයි

කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව සොයා බලා වාර්තා කිරීමට සහ යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පාර්ලිමේන්තු කාරක සභාව සාක්ෂි කරුවන් කැඳවීමට විපක්ෂයේ සාමාජික මන්ත්‍රීවරුන් විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. 

ඒ අනුව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අදාළ සිදුවීම සිදු වූ කාල වකවානුවේ වරාය විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බිමල් රත්නායක මහතා එම කමිටුව හමුවේ සාක්ෂි ලබා දීමට කැඳවන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලා ඇත.

මීට අමතරව අදාළ සිදුවීම සිදු වූ කාල වකවානුවේ වරාය විෂය භාර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනිත රුවන් කොඩිතුවක්ක මහතා සහ එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාද කමිටුව හමුවේ සාක්ෂි ලබා දීමට කැඳවන ලෙස ද ඉල්ලා තිබේ. 

අදාළ කමිටුව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන අජිත් පී පෙරේරා, දයාසිරි ජයසේකර, මුජීබ් රහුමාන් සහ ඩී.වී චානක යන මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව අදාළ ලිපිය කමිටුවේ සභාපති අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා වෙත යොමු කර ඇත.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron