ජේ.වී.පී එක යහපාලනේ එක්කඑකතුවෙලා මහබැංකුව මංකොල්ල කෑවා. -නාමල් රාජපක්ෂ-

අර කන්ටේනර් තුන්සිය විසි තුන වගේම ගල් අඟුරු වංචාව වගේම මේ මුදල් අමාත්‍යාංශය හොර ගිණුමකට සල්ලි දාගත්ත වංචාවත් යට ගහන්න ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට උවමනාවක් තියෙනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ කොලඹදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා

“එක පැත්තකින් ආණ්ඩුව බාල ගල් අඟුරු ගේනවා.ඒ පාඩුව ජනතාව පිට දානවා.තවත් පැත්තකින් දැන් බලන් යනකොට ආණ්ඩුව නොදැනුවත්වම තමන්ගේ නිලධාරීන් ආණ්ඩුවේ මුදල් හොර ගිනුම් වලට දාගෙන තියෙනවා.දැන් කියන්නේ මොකක්ද ඊ මේල් මාර්ගයෙන් ආපු ස්පෑම් එකක් නැත්නම් ව්‍යාජ ඊමේල් පණිවිඩයක් හරහා ලැබුණු තොරතුරක් මත ඩොලර් මිලියන 2.5ක ගෙවීමක් කරලා තියෙනවා.එහෙම තමයි දැනගන්න තියෙන්නේ.මේක වෙලා තියෙනවා කියන්නෙත් දෙසැම්බර් මාසේ ගිය අවුරුද්දේ. හැබැයි ආණ්ඩුව අද වෙනකම් ගත්ත නීතිමය ක්‍රියාමාර්ගය මොකක්ද.මේ කාගේ ගිණුමකටද ඩොලර් මිලියන 2.5ක් ගියේ.නැත්නම් ඊට වඩා වැඩි මුදලක් ගියාද.දැන් එක කාලයක් යහපාලන ආණ්ඩුව ජේවීපී එකත් එක්ක සන්ධානගත වෙලා දූෂණ මර්දන කමිටුවක් කියලා හදාගෙන හොරු අල්ලනවා කියලා යන ගමන් මහබැංකුව මංකොල්ල කෑවා.දැන් ඒ අයම නැවත වතාවක් ආණ්ඩුවට ඇවිල්ලා තමන් හොරු අල්ලනවා කියලා කියාගෙන යන ගමන් මුදල් අමාත්‍යාංශයේ සල්ලිත් තමන්ගේ ගිණුම් වලට දාගන්න තැනට පත්වෙලා තියෙනවා.මොකද මුදල් අමාත්‍යාංශයට යම් ගෙවීමක් කරන්න හෝ යම් ණයක් හෝ යම් පොලියක් ගෙවන්න හෝ කියලා ඊ මේල් පණිවිඩයක් එනවනම් ඒකට මුදල් ලේකම්වරයා මුදල් අමාත්‍යවරයා කියන්නේ මේ රටේ ජනාධිපතිවරයා වගකියන්න ඕන.ජනාධිපතිවරයාට දැන් බෑ කියන්න මගේ යටතේ හිටපු අලුත් නිලධාරීන් හතර දෙනෙක් කරපු වරදක් ඒ හින්දා දැන් අපි රස්සාවෙන් අස් කරා කියලා ජනාධිපතිවරයාට අත හෝදගන්න බෑ.ජනාධිපතිවරයා විෂය භාර අමාත්‍යවරයා මේ රටේ මුදල් අමාත්‍යංශයේ ගිණුමෙන් සල්ලි ගිහිල්ල තියෙන්නෙ වෙන තැනකින් නෙවෙයි.මීට පෙර ණය ගෙව්වේ මහ බැංකුවෙන් දැන් ඒ අලුත් පනතක් මගින් මුදල් අමාත්‍යාංශයට ලැබිලා තියෙනවා. ඒ හින්දා මුදල් අමාත්‍යංශය බාර ඇමතිවරයා විදිහට ජනාධිපතිවරයා ලේකම්වරයා නිලධාරීන් වගකියන්න ඕන.ඉතින් මේ අණ්ඩුව බලයට ආපු ගමන් තමන්ගේ පක්ෂයට හිතවත් තමන්ට හිතවත් නිලධාරීන්ව පත්කරා. අවසාන ප්‍රතිඵලය තමයි සමස්ත රාජ්‍ය යන්ත්‍රණයම කඩාගෙන වැටුණ පමණක් නොවෙයි තමන්ට හිතෙන හිතෙන ගිණුම් වලට රජයේ මුදල් දාගන්න තැනට වැටිලා තියෙනවා.එක පැත්තකින් ගල් අඟුරු වංචාව යට ගහන්න ආණ්ඩුව උපරිම උත්සාහයක් දරනවා පොලිස්පතිවරයා තමන්ගේ උපරිම රාජකාරි ඉෂ්ඨ කරන්න බලනවා. හොරකම වහන්න වංචාව වහගන්න ඒ පාඩුව ජනතාව පිට දානවා.අනිත් පැත්තෙන් ලෝක වෙළඳපොලේ වැඩියෙන්ම වියදම් කරලා තෙල් අරන් තියෙන්නේ ලංකාව. වාර්තාවකුත් තියලා තියෙන්නේ. ජාත්‍යන්තර වාර්තාවලට අනුව යුද්ධයෙන් වැඩිම මිලකට තෙල් මිලදී ගත්තු රට බවට අපි ඉතිහාසගත වෙලා තියෙනවා. ඒ ගානට ඉරානෙවත් තෙල් අරගෙන නැතුව ඇති හැබැයි ලංකාවේ ආණ්ඩුව ඒ ගානට තෙල් අරගෙන තියෙනවා.දැන් බලන් යනකොට මුදල් අමාත්‍යාංශයට ආපු හොර ඊමේල් ගිණුමකට රැවටිලා ඩොලර් මිලියන 2.5 මුදලකුත් ගිණුමකට දාගෙන තියෙනවා.දැන් කවුද මේවට වග කියන්නේ අවසානයේ ඒ පාඩුවත් ජනතාව පිට දායි.

ඔය දාන කොමිසන් දාන්නේ මේක කල් දාලා යට ගහගන්න මිසක් පරීක්ෂණ කරන්න නෙවෙයි දැන් මේ සිද්ධියත් පසුගිය දෙසැම්බර් මාසය සිද්ධ වුණා නම් මේ වෙනකන් ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද.මේක යට ගහලා හංගන් හිටිය මිසක් තීන්දුවක් ගත්තේ නෑනේ.පැහැදිලිවම මේ හොරකම හංගන්න ආණ්ඩුවට උවමනාවක් තියෙනවා .අර කන්ටේනර් තුන්සිය විසි තුන වගේම ගල් අඟුරු වංචාව වගේම මේ මුදල් අමාත්‍යාංශය හොර ගිණුමකට සල්ලි දාගත්ත වංචාවත් යට ගහන්න ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට උවමනාවක් තියෙනවා.

අපි බලන් ඉන්නවා ආණ්ඩුව මොකක්ද කරන්නේ කියලා හැබැයි මේ පිළිබඳව පැහැදිලිවම පරීක්‍ෂණයක් වෙන්නඕන සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ ගල් අඟුරු ලංකාවට ගෙන්නුවා කියනවා කියනව ගෙන්නුව සමාගම් වලට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ගය. ආණ්ඩුව සමාගම ආරක්ෂා කරනවා මිසක් වංචාව හොරකම ගැන හොයන්න කටයුතු කරන්නේ නෑනේ.හැබැයි කෙනාපු සමාගමට ලොකු පාඩුවක් වෙයි ඒ හින්ද පව් වැඩේ කියලා නම් කියනවා.ඉතින් ඒ වගේ නැතුව බලන් ඉන්නවාආණ්ඩුව ඇත්ත හොරු අල්ලනකම්.තවදුරටත් පික් පොකට් න්‍යාය හරියන්නෙ නෑ.අන්න හොරා අන්න හොරා ඇල්ලුව කියල අපේ පස්සෙන් ඇවිල්ලා තමන් මහබැංකුවයි මුදල් අමාත්‍යංශයේයි ගල් අඟුරුයි කන්ටේනර් වලිනුයි වංචා කරලා හරියන්නේ නැහැ.අපි බලාගෙන ඉන්නවා සහ පැහැදිලිවම මේවය පිටිපස්සේ ඉන්න අය පැහැදිලිවම ඉදිරියේදී රටට දැනුවත් කරනවා.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron