Friday, April 24, 2026
25.6 C
Sri Lanka

ජනාධිපති මාධ්‍ය උපදේශක මාධ්‍යවේදියෙකුට පහරදීලා

ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර මහතා ලේක්හවුස් සමාගමට අයත් සන්ඩේ ඔබ්සර්වර් මාධ්‍යවේදී මාධ්‍යවේදී බුවනෙක එස්. පෙරේරා මහතාට ශාරීරිකව පහරදීමේ සහ බියවද්දා පළවා හැරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මහනුවර පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අවිහිංසාවාදය මුල් කරගත් ‘එහිපස්සිකෝ’ භික්ෂු සාම පාගමනේ මාධ්‍ය ආවරණය සිදුකරමින් සිටියදී ලේක්හවුස් මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු වෙත පැමිණි චන්දන සූරියබණ්ඩාර මහතා මෙම පාගමන වාර්තා කිරීම සඳහා ඔවුන්ට බලයක් නොමැති බවත් වහාම එම ස්ථානයෙන් ඉවත්වන ලෙසත් පැවසූ බව බුවනෙක එස්. පෙරේරා මහතා පවසයි.

කෙසේවෙතත් මෙම හැසිරීමට තමන් විරෝධය පලකලත් අවස්ථා කිහිපයකදීම ඔහුට මෙය වාර්තා කිරීමට අවසර නැති බව පවසමින් ඉතා පහත් අන්දමින් චන්දන සූරියබණ්ඩාර මහතා තමන්ට බැණවැදුණු බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.

බුවනෙක එස්. පෙරේරා මහතා සදහන් කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් තම ආයතනය හා රජයේ පාර්ශවයේ කිහිප දෙනෙක්ම දැනුවත් කළ බවත් ඉන් අනතුරුව මහනුවර පොලීසියේ මීට අදාළව පැමිණීල්ලක් ඉදිරිපත් කළ බවයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ මෙම සිදුවීමට දැඩිව විරෝධය පලකර තිබෙනවා.

ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් ඔවුන් සදහන් කරන්නේ ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර විසින් සිදුකළ ඔවුන්ට ශාරීරිකව පහරදීමේ සහ බියවද්දා පළවා හැරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය බලවත් පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.

චන්දන සූරියබණ්ඩාර මහතා මෙහිදී හැසිරී ඇත්තේ රාජ්‍ය නිලධාරියෙකු සතු බලතලවල සීමාව ඉක්මවා යන පරිද්දෙන් හා අනවශ්‍ය ලෙස පෞද්ගලික මාධ්‍ය ආයතනයකට ප්‍රමුඛත්වය හිමිවන පරිද්දෙන් කටයුතු කරමින් බවත් මෙය ජනාධිපතිවරයාගේ පාලනතන්ත්‍රයේ පවතින මාධ්‍ය ප්‍රතිපත්තිය මැනවින් පිළිබිඹු වන අවස්ථාවක් වශයෙන් එම සංගමටය සලකන බවත් ලිපිය මගින් පෙන්වා දී තිබේ.

සිරස මාධ්‍ය ජාලයේ වසර විසි ගණනක් සේවය කළ චන්දන සූරියබණ්ඩාර මහතා එම ආයතනයෙන් ඉවත්වීමෙන් අනතුරුව 2025 වසරේ පෙබරවාරි 24 වැනි දින ජනාධිපති මාධ්‍ය උපදේශක තනතුරට පත්කර ගනු ලැබූවා.

Hot this week

හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ට ඇප

ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිතා කළ බවට වන...

හැකර්වරුන් අතට පත්වු ඩොලර් මිලියන දෙකකට අධික මුදල ගැන ජාත්‍යන්තර සහායෙන් විමර්ශන

සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අත්පත් කරගත් අමෙරිකානු ඩොලර්...

යෝෂිතගේ නඩුව කල්යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

සාගරිකා පීලි පැනීමෙන් පසු දුම්රිය ධාවනය සිදුවන අයුරු

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය...

”හැකර්වරුන් ඊමේල් එක ඔස්සේ පද්ධතියට ඇතුළු වෙලා..” – මුදල් අමාත්‍යාංශ ලේකම් –

සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අත්පත් කරගත් අමෙරිකානු ඩොලර්...

Topics

ජේ.වී.පී එක යහපාලනේ එක්කඑකතුවෙලා මහබැංකුව මංකොල්ල කෑවා. -නාමල් රාජපක්ෂ-

අර කන්ටේනර් තුන්සිය විසි තුන වගේම ගල් අඟුරු වංචාව...

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව කැඳවීමට දින දෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව...

අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

ට්‍රම්ප් පරිපාලනයේ නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් සිය ධූරයෙන්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron