පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලිසිය මගින් අද (27) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
පසුගිය 25 වැනිදා මන්ත්‍රීවරයා යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී ඉඩමක් පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේදී, ඉඩම් ආරවුලක් මත එහි පැමිණි කාන්තාවන් දෙදෙනෙකු එහි කොටසක් තමන් සතු බව පවසමින් මන්ත්‍රීවරයා සමග වාදයකට පැටලී තිබේ.
එම අවස්ථාවේදී උරණ වූ මන්ත්‍රීවරයා, කිසිදු ආයුධයක් නොමැතිව සිටි එම කාන්තාවන් වෙත සිය අතෙහි පිස්තෝලයක්ද රඳවාගෙන තර්ජනය කර ඇති බව වාර්තා විය.


