මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් භික්ෂූන්ගෙන් මෙතෙක් හෙළි වූයේ මොනවා ද ?

රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් “කුෂ් ” සහ” හෑෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු චීවරධාරීන් විසිදෙදෙනාව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය නියෝග කර තිබේ.

සැකකාර වීවරධාරීන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (26) පස්වරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.

මත්ද්‍රව්‍ය සමග භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව

බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් මත්ද්‍රව්‍ය තොගයක් සමග ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බව වාර්තා වේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු බුද්ධි තොරතුරක් මත අප්‍රේල් 25 වන දා තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් රාත්‍රී 10.10ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිමෙන් අනතුරුව මෙම භික්ෂූන් වහන්සේලා පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.

භික්ෂූන්ගේ ජංගම දුරකතනවලින් අනාවරණය වී ඇත්තේ මොනවා ද?

අනුග්‍රාහකයෙකු ලබා දුන් ගුවන් ටිකට්පත් මගින් මෙම භික්ෂූන් වහන්සේලා තායිලන්තය බලා ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල විහාරස්ථානවල වැඩ වාසය කරන මෙම තරුණ භික්ෂූන් වහන්සේලා, විවිධ ආයතනවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින පිරිසක් බව හෙළිව ඇත.

එමෙන් ම, මෙම ඇතැම් භික්ෂූන් වහන්සේ තායිලන්තයේදී ගිහියන් ලෙස සැරසී විවිධ ක්‍රියාකාරකම්වල නිරත වී සිටින ජායාරූප සහ වීඩීයෝ දර්ශන ඔවුන්ගේ ජංගම දුරකතන තුළ තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය අනාවරණය කරගෙන තිබේ.

ගමන් මලු තුළ කිලෝ ග්‍රෑම් 5කට අධික මත්ද්‍රව්‍ය සඟවා තිබියදී සොයා ගනී

භික්ෂූන් වහන්සේලා රැගෙන ආ ගමන් මලු තුළ පාසල් උපකරණ, විවිධ රසකැවිලි අතර, ව්‍යාජ පතුල් සකස් කර සූක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය සඟවා තිබී ඇති අතර සෑම භික්ෂූන් වහන්සේ නමකගේ ම ගමන් මලු තුළ කිලෝ ග්‍රෑම් 5කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සඟවා තිබියදී සොයා ගැනීමට හැකිව ඇත.

එසේ සූක්ෂම ලෙස සඟවා මෙරටට රැගෙන එන ලද “කුෂ්” සහ “හෑෂ්” කිලෝ ග්‍රෑම් 110කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාරයට ගෙන තිබේ.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron