Tuesday, April 28, 2026
27 C
Sri Lanka

ත්‍රිකුණාමලය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන විහාරයේ අනවසර ඉදිකිරීම් පෙත්සම් විභාගය අවසන් කරයි

මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩුදුන් ත්‍රිකුණාමලය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන විහාරයේ අනවසර ඉදිකිරීම් කොටස් ඉවත් කර ඇති බැවින් එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට එරෙහිව ඉදිරි පියවර නොගන්නා බව නීතිපතිවරයා අද (අප්‍රේල් 28) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය.

නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ බලපත්‍රයට අනුකූලව එම විහාරස්ථානයේ ඉදිකර තිබූ අනවසර කොටස් ඉවත් කර ඇති බව ය.

අදාළ විහාරස්ථානයේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබූ නියෝගය ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එහි විහාරාධිපති හිමියන් ගොනුකර තිබූ රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා එය දැනුම් දුන්නේ ය.

එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංශ තිස්ස හිමි විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

අධිකරණයේදී සිදු වුයේ කුමක් ද ?

මෙම පෙත්සම අද ධම්මික ගනේපොළ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණි.

එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ, පෙත්සම්කාර ස්වාමීන් වහන්සේ විසින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කර තිබූ බලපත්‍රයට අනුකූලව අදාළ ගොඩනැගිල්ලේ අනවසර ඉදිකිරීම් ඉවත් කරනු ලැබ ඇති හෙයින් පෙත්සම්කරුට එරෙහිව ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා නොකරන බව ය.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුසන්ත බාලපටබැඳි අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, වග උත්තරකාර පාර්ශවයේ දැනුම් දීම සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව ය.

ඒ අනුව, අදාළ එකඟතාව සටහන් කර ගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ද තීන්දු කළේ ය.

Hot this week

කපිල චන්ද්‍රසේන තවදුරටත් රිමාන්ඩ්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස්...

ශ්‍රී ලංකාව සිය ආර්ථික පුන­ර්ජී­වනය IMF ලබා දී තිබූ ආදා­යම් ඉලක්ක ඉක්මවා යෑමට සමත්ව තිබේ.

වාර්තා­ව­ලට අනුව, රජයේ ආදා­යම දළ දේශීය නිෂ්පා­දි­තයේ ප්‍රති­ශ­ත­යක් ලෙස...

මුදල් අමාත්‍යාංශ ලේකම්ට විරෝධය පළ කරන්න ගිය සුගීෂ්වරට ගොම ප්‍රහාරයක්

මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට...

භික්ෂුවක් විදෙස්ගතවීමකදී මහා නාහිමිවරුන්ගේ අවසරය අනිවාර්ය කරතිබූ නීතිය නැවත ලබාදෙන ලෙසට ඉල්ලීම්

රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ...

Topics

කපිල චන්ද්‍රසේන තවදුරටත් රිමාන්ඩ්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස්...

ශ්‍රී ලංකාව සිය ආර්ථික පුන­ර්ජී­වනය IMF ලබා දී තිබූ ආදා­යම් ඉලක්ක ඉක්මවා යෑමට සමත්ව තිබේ.

වාර්තා­ව­ලට අනුව, රජයේ ආදා­යම දළ දේශීය නිෂ්පා­දි­තයේ ප්‍රති­ශ­ත­යක් ලෙස...

මුදල් අමාත්‍යාංශ ලේකම්ට විරෝධය පළ කරන්න ගිය සුගීෂ්වරට ගොම ප්‍රහාරයක්

මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට...

හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා...

සජබ මැයි රැළියට එජාපයටත් ආරාධනාවක්

මෙවර මැයි දිනය නිමිත්තෙන් සමගි ජන බලවේගය කොළඹදී සංවිධානය...

හිටපු ඇමති රිෂාඩ්ගේ නඩුවක අභියාචන කටයුතුවලින් විනිසුරුවරයෙකු ඉවත් වෙයි

විල්පත්තුව රක්ෂිත වනාන්තර කළාප ආසන්නයේ පිහිටි රක්ෂිත වනාන්තර කපා...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron