Friday, May 1, 2026
27.6 C
Sri Lanka

ශ්‍රී ලංකාවේ වැඩි ම ග්‍රන්ථ සංඛ්‍යාවක් ප්‍රකාශනයට පත් කළ ප්‍රකාශකයාගේ දිවි සැරිය…

ශ්‍රී ලංකාවේ වැඩි ම ග්‍රන්ථ සංඛ්‍යාවක් ප්‍රකාශනයට පත් කළ බව සැලකෙන එස්. ගොඩගේ ප්‍රකාශන ආයතනයෙහි නිර්මාතෘ දේශබන්දු සිරිසුමන ගොඩගේ දිවි සැරියට සමු දුන්නේ ය.

මිය යන විට ඔහු 90 වන වියේ පසු විය.

දේශබන්ධු සිරිසුමන ගොඩගේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මැයි 02 වන දා සිදු කිරීමට නියමිත ය.

එදින සවස 2.00ට බොරැල්ල සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරේ.

ළමා කාලය

1936 වයසේ මැයි මාසයේදී දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පාලටුව ගම්මානයේ උපත ලැබූ ඔහු, සහෝදර සහෝදරියන් නව දෙනකුගෙන් යුත් පවුලක හය වැන්නා විය.

ද්විතීයික පාසලක් වූ පාලටුවේ ගුණරතන මහා විදුහලෙන් තම අධ්‍යාපනය සම්පූර්ණ කළ එස්. ගොඩගේ, වයස අවුරුදු 15 දී පමණ කොළඹට පැමිණ තිබුණේ, පවු‍ලේ පැවති ආර්ථික ප්‍රශ්න හේතුවෙනි.

බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමි හමු වීම

සිරිසුමන ගොඩගේගේ “ජීවිතය වෙනස් වුණේ බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන් නිසා. එයා ඒ හාමුදුරුවන් ළඟ වැඩ කරන කාලෙ ඉගෙන ගන්න පටන් අරන් තියෙනවා. එතනින් තමයි එයා පොත් ගැන උනන්දුවක් දක්වන්න පටන් අරන් තියෙන්නේ,” යනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයෙක් පැවසීය.

සිරිසුමන ගොඩගේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ සහයකයෙකු ලෙස එක්වී ඇත්තේ, බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන්ගේ සහයෙනි.

එහිදී ඔහු නැවත බැඳ සකස් කිරීම සඳහා තබා තිබූ හානි වූ පොත් බැඳීමට යොමු විය.

ඉන්පසු, පොත් බඳින්නෙකු ලෙස සේවය කළ ඔහු, 1956 වසරේදී කුඩා කඩ කාමරයක් කුලියට ගෙන පොත් අලෙවිසලක් ආරම්භ කළේ ය.

එහිදී, පොත් බැඳීමත්, පොත් විකිණීමත්, පුස්තකාලවලටත් පොත් සැපයීමත් සිදුකළ අතර පසුව පොත් ප්‍රකාශනය ආරම්භ කළේ ය.

පුස්තකාලවලට දැක්වූ අනුග්‍රහය

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටි පුස්තකාල සඳහා ද පොත් ලබා දෙමින් සිරිසුමන ගොඩගේ පොතපත පරිශීලනයට අතහිත දුන්නේ ය.

පුස්තකාල සඳහා පොත් මිල දී ගැනීමට පැමිණෙන පුද්ගලයින්ට ඔවුන් සතු මුදල් ප්‍රමාණය ඉක්මවා වැඩි පොත් ගණනක් ලබා දීමට ඔහු කටයුතු කළේ ය.

මේ අතර, ඇතැම් පොත් ප්‍රකාශකයින් සහ ලේඛකයින් ඔහුට එරෙහිව අපහාස හා විවේචන ඉදිරිපත් කළ බව ද මහාචාර්ය කුලතිලක කුමාරසිංහ පැවසීය.

මහාචාර්යවරයා සඳහන් කළේ, ඇතැම් ප්‍රසිද්ධ ලේඛකයින් ඔහුගෙන් අයුතු ලෙස මුදල් ලබා ගත් අතර, වංචා කිරීම් ද කළ බව ය.

ගොඩගේ සාහිත්‍ය සම්මාන

ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල හරහා ද සිරිසුමන ගොඩගේ ලේඛකයින්ගේ අභිවෘද්ධිය සඳහා දායකත්වයක් දැක්වීය.

ගොඩගේ ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශනය කරනු ලබන ග්‍රන්ථ අතරින් වාර්ෂිකව විශිෂ්ට කෘති සඳහා අගැයීමක් ලබා දීම එම සම්මාන උළෙල හරහා සිදු කෙරේ.

මෙම සම්මාන උළෙල 1998 වසරේ ආරම්භ වූ අතර, පසුගිය වසරේ එහි 27 වන සම්මාන උළෙල පැවැත්විණි.

Hot this week

ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ 4 දෙනාගෙන් එක් නිලධාරියෙකු සියදිවි නසා ගනී

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවූ සිද්ධිය...

කම්කරුවන් වෙනුවෙන් සෙත් පතලා කැළණි විහාරස්ථානයේ ආගමික වතාවත් වල නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා. – නාමල් රාජපක්ෂ-

වර්තමාන ආණ්ඩුව ඉතිහාසයේ වැඩියෙන්ම කම්කරුවන් අසාධාරණයට ලක් කරපු ආණ්ඩුවක්.හැම...

ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවීම ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ ප්‍රකාශයක්

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල්...

ඥානසාර හිමිට අධිචෝදනා භාරදෙයි

ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා...

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ලෙස පත්වීම ගැන ඉරාන්ගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපතිත්වය භාරගනු ලැබුවේ,...

Topics

ලබන වසර මුලදී විදුලි දුම්රිය ව්‍යාපෘති ආරම්භ කිරීමට සැලසුම්

ඉදිරියේදී වර්තමාන දුම්රිය සේවාවට සමාන්තරව විද්‍යුත් දුම්රිය සේවා ක්‍රියාත්මක...

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අද සිට තාවකාලිකව ක්‍රීඩා අමාත්‍යාංශයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු පරිපාලන කටයුතු අද (29)...

අර්ච්චුනාට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron