Thursday, April 30, 2026
21.9 C
Sri Lanka

ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවීම ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ ප්‍රකාශයක්

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.

එය ලබන පස්වෙනිදා මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා විසින් සිදු කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (30) පස්වරු 1ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා විය.

ඒ, එම කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා විසින් සිදු කළ දැනුම්දීමකට අනුවය.

ඒ අනුව මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ගෙන් එහිදී ඩොලර් මිලියන 2.5ක මුදල් අස්ථානගතවීම සම්බන්ධයෙන් කරුණු විමසීමට නියමිතය.

කෙසේවෙතත් මීට පෙර රාජ්‍ය මුදල් කාරක සභාව හමුවේ පෙනි සිටීමට නොහැකි බව දන්වමින් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ඊයේ (29) ලිපියක් යොමු කළ බව එහි සභාපති හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. 

ඊට ප්‍රතිචාර දක්වමින් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ප්‍රකාශ කළේ, භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නොමැති බවය.

Hot this week

ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ 4 දෙනාගෙන් එක් නිලධාරියෙකු සියදිවි නසා ගනී

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවූ සිද්ධිය...

කම්කරුවන් වෙනුවෙන් සෙත් පතලා කැළණි විහාරස්ථානයේ ආගමික වතාවත් වල නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා. – නාමල් රාජපක්ෂ-

වර්තමාන ආණ්ඩුව ඉතිහාසයේ වැඩියෙන්ම කම්කරුවන් අසාධාරණයට ලක් කරපු ආණ්ඩුවක්.හැම...

ඥානසාර හිමිට අධිචෝදනා භාරදෙයි

ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා...

ශ්‍රී ලංකාවේ වැඩි ම ග්‍රන්ථ සංඛ්‍යාවක් ප්‍රකාශනයට පත් කළ ප්‍රකාශකයාගේ දිවි සැරිය…

ශ්‍රී ලංකාවේ වැඩි ම ග්‍රන්ථ සංඛ්‍යාවක් ප්‍රකාශනයට පත් කළ...

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ලෙස පත්වීම ගැන ඉරාන්ගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපතිත්වය භාරගනු ලැබුවේ,...

Topics

ලබන වසර මුලදී විදුලි දුම්රිය ව්‍යාපෘති ආරම්භ කිරීමට සැලසුම්

ඉදිරියේදී වර්තමාන දුම්රිය සේවාවට සමාන්තරව විද්‍යුත් දුම්රිය සේවා ක්‍රියාත්මක...

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අද සිට තාවකාලිකව ක්‍රීඩා අමාත්‍යාංශයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු පරිපාලන කටයුතු අද (29)...

අර්ච්චුනාට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron