“SME Nexus” සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව (SME) ජාතික උපායමාර්ගික රාමුව එළිදකී

ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය බඳු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) දේශීය හා ගෝලීය වශයෙන් සවිබල ගැන්වීම සඳහා වන “2026 ජාතික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය උපායමාර්ගික රාමුව” (National SME Strategy Framework 2026) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධනය අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් අද (13) එළිදක්වනු ලැබුවා.

මෙරට ලියාපදිංචි මුළු ව්‍යාපාරවලින් 75% කට වඩා නියෝජනය කරන, දළ දේශීය නිෂ්පාදිතයට (GDP) 52% ක දායකත්වයක් ලබා දෙන සහ ශ්‍රම බලකායෙන් 45% ක් සේවයේ නියුක්ත කරවන සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ පවතින ව්‍යුහාත්මක බාධක ඉවත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි,

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” (A Thriving Nation – A Beautiful Life) දැක්ම පෙරදැරිව සකස් කර ඇති මෙම සැලැස්ම, ව්‍යවසායකයාගේ එදිනෙදා දිවි පැවැත්මේ සිට ඉහළ වර්ධන විභවයක් ඇති අපනයන අභිමුඛ ව්‍යවසායකයෙකු දක්වා පරිවර්තනය කිරීමට මඟ පෙන්වයි.

මූලික උපායමාර්ගික දැක්ම සහ කුළුණු 11ක් පදනම්ව ගොඩනැගෙන මෙම උපායමාර්ගික රාමුව ප්‍රධාන අංශ 5ක් ඔස්සේ ක්‍රියාත්මක වෙයි:

 1.⁠ ⁠තාක්ෂණික සහ ඩිජිටල් සවිබල ගැන්වීම: ඒකාබද්ධ SME දත්ත පද්ධතියක් සහ ඩිජිටල් ව්‍යාපාරික මෙවලම් හඳුන්වා දීම.
 2.⁠ ⁠ආයතනික ඒකාබද්ධතාවය: ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ආයතන සියල්ල එක් ජාතික අරමුණක් කරා ඒකාබද්ධ කිරීම,.
 3.⁠ ⁠සේවා සැපයුම් ව්‍යුහය: ‘තනි කවුළු’ (Single-window) සේවා මධ්‍යස්ථාන සහ ‘SME Connect’ ඇමතුම් මධ්‍යස්ථානය හරහා කාර්යක්ෂම සේවා සැපයීම.
 4.⁠ ⁠අභිජනනය සහ නව ව්‍යාපාරික සහාය: ව්‍යාපාර ආරම්භ කිරීමේ ක්‍රියාවලිය සහ ලියාපදිංචිය සරල කිරීම,.
 5.⁠ ⁠වෙළඳපල සංවර්ධනය සහ අගය දාම ඒකාබද්ධතාව: දේශීය නිෂ්පාදන ගෝලීය අගය දාමයන් (Global Value Chains) වෙත සම්බන්ධ කිරීම.
 6.⁠ ⁠ව්‍යාපාරික බුද්ධි පර්යේෂණ: SIBA ඒකකය හරහා දත්ත මත පදනම් වූ තීරණ ගැනීම සහ වෙළඳපල පර්යේෂණ සහාය ලබා දීම.
 7.⁠ ⁠පරිසර පද්ධති හවුල්කරුවන් ඇගයීම: බැංකු, වාණිජ මණ්ඩල සහ නිලධාරීන්ගේ දායකත්වය ඇගයීමට ලක් කිරීම,.
 8.⁠ ⁠සබඳතා කළමනාකරණය: සංවර්ධන නිලධාරීන් ‘සබඳතා නිලධාරීන්’ (Relationship Officers) ලෙස පුහුණු කර ව්‍යවසායකයාට සෘජු මඟපෙන්වීම ලබා දීම,.
 9.⁠ ⁠මූල්‍ය ප්‍රවේශය සහ වර්ධන අරමුදල: ණය සුදුසුකම් සංවර්ධනය කිරීම සහ ප්‍රමුඛතා ක්ෂේත්‍ර සඳහා ‘වර්ධන අරමුදලක්’ (Growth Fund) ස්ථාපිත කිරීම.
10.⁠ ⁠ව්‍යවසායකත්ව අධ්‍යාපනය සහ සංස්කෘතිය: පාසල් සහ විශ්වවිද්‍යාල මට්ටමින් ව්‍යවසායකත්ව චින්තනය ප්‍රවර්ධනය කිරීම.
11.⁠ ⁠ප්‍රතිපත්ති සහ නියාමන වෙනස්කම්: ව්‍යවසායන්ට බාධාවන නීති සහ නියාමන ප්‍රතිසංස්කරණය කිරීම.

මෙම රාමුව ක්‍රියාත්මක වීමත් සමඟ ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාර ලියාපදිංචිය පහසුවෙන් කර ගැනීමටත්, නවීන තාක්ෂණයට ප්‍රවේශ වීමටත්, විශේෂිත මූල්‍ය පහසුකම් ලබා ගැනීමටත් අවස්ථාව උදා වේ.
විශේෂයෙන්ම, සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව ව්‍යවසායකයාගේ වර්ධනයට සෘජුව සහාය වන උපදේශන සේවාවන් මෙහිදී නොමිලේ ලබා ගත හැකිය.

මෙම ජාතික වැඩපිළිවෙළ හරහා ශ්‍රී ලංකාව අපනයන ආදායම ඉහළ නංවා ගැනීමටත්, නව රැකියා උත්පාදනය කිරීමටත් සහ තිරසාර ආර්ථික සංවර්ධනයක් කරා ගමන් කිරීමටත් අපේක්ෂා කරයි.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron