තිස් වසරක යුද්ධය පරදා නිම වී වසර 17ක්!

දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාව බිය, අහිමිවීම් සහ අස්ථාවරත්වය අතරට තල්ලු කළ ත්‍රස්තවාදයේ අවසානය සනිටුහන් කළ දිනයක් ලෙස 2009 මැයි  18 මෙරට ඉතිහාසයේ විශේෂ ස්ථානයක් හිමි කරගනී. ජීවිත පරිත්‍යාග කළ සියලු දෙනා සිහිපත් කරන අතර, සාමයේ වටිනාකම නැවත මතක් කරන අවස්ථාවක් ලෙසද මෙම දිනය සැලකේ.

තිස් වසරකට ආසන්න කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය අවසන් වී අදට වසර 17ක් සපිරෙයි. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් මියයාමත් සමඟ දශක ගණනාවක් රට පීඩාවට පත් කළ යුද්ධයට අවසන් තිත තැබුණි.

1975 ජූලි 27 වනදා එවකට යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා ඝාතනයත් සමඟ ආරම්භ වූ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පසුකාලීනව රට පුරා දැඩි ආරක්ෂක අර්බුදයක් බවට පත්විය. වසර ගණනාවක් පුරා මහ බැංකුව, කටුනායක ගුවන්තොටුපළ, ශ්‍රී දළදා මාලිගාව සහ ජය ශ්‍රී මහ බෝධිය ඇතුළු ස්ථාන රැසක් ප්‍රහාරවලට ලක්විය.

මවිල්ආරු ජල මාර්ගය වසා දැමීමත් සමඟ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල තත්ත්වය තවත් උණුසුම් වූ අතර, එය යුධ මෙහෙයුම් වේගවත් වීමට ප්‍රධාන හේතුවක් විය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සේනාංක කිහිපයක් ඔස්සේ ක්‍රියාන්විත දියත් කරමින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ අවසන් මෙහෙයුම් ආරම්භ කළේය.

එම අවසන් අදියරේදී සිවිල් ජනතාව මුදාගැනීම සඳහා මානුෂීය මෙහෙයුම්ද සමගාමීව ක්‍රියාත්මක කෙරිණි. සියලු අභියෝග මධ්‍යයේ 2009 මැයි 18 වනදා යුද්ධයේ අවසානය සනිටුහන් කරමින් රටට සාමය උදාකර දීමට හැකිවිය.


ත්‍රස්තවාදයෙන් රට මුදාගැනීම සඳහා දේශපාලන නායකත්වය, ආරක්ෂක අංශ, හමුදා නායකයන් සහ රණවිරුවන් දැක්වූ කැපවීම මෙරට ඉතිහාසයේ සුවිශේෂී පරිච්ඡේදයක් ලෙස සැලකේ.

මේ අතර යුධ ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය” හෙට දිනයේ පැවැත්වීමට නියමිතය. එය ජනාදිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසළදී පැවැත්වෙන බව රණවිරු සේවා අධිකාරිය සඳහන් කරයි.

මෙවර උත්සවයේ විශේෂත්වය වන්නේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන් පළමු වරට සහභාගී වීමයි.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron