මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

රට තුළ කියවීමේ සංස්කෘතිය වියැකී යමින් තිබෙන අවධියක තවමත් දමිළ ජනතාව කියවීම සඳහා දක්වන උනන්දුව අගය කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල  අද  (20) ජනතා අයිතියට පත්කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය

මඩකළපුව මහනගර සභාවේ මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අතින් අද පෙරවරුවේ විවෘත කෙරිණි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ පුස්තකාලයක් විවෘත කිරීම යනු බන්ධනාගාරයක අවශ්‍යතාව නැති කරන්නක් බවත්, මෙම මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් දමිළ ජනතාවගේ පොත් කියවීමේ සංස්කෘතිය ඉදිරියට පවත්වාගෙන යාම දිරිමත් කරනු ඇති බවත්ය.

එමෙන්ම අතරමග නතර වී තිබූ මෙම පුස්තකාලයේ ඉදිකිරීම් කටයුතු සාර්ථක ලෙස අවසන් වනු දැකීම ඉතා සතුටක් බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාවට සමගාමීව මහජන පුස්තකාලයේ නිල වෙබ් අඩවිය දියත් කිරිමද ජනාධිපතිවරයා අතින් සිදු විය.  

මෙම නව පුස්තකාල ගොඩනැගිල්ල තුළ ළමුන් වෙනුවෙන් විද්‍යා සහ තාක්ෂණික දැනුම ලබා දීම සඳහා වෙනම ඒකකයක් ස්ථාපිත කර ඇත.

මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපතිවරයා, මහ නගර සභාවේ කාර්ය මණ්ඩලය සමඟ සුහද කතාබහකද නිරත විය.

එහිදී මඩකළපුව නගරාධිපති කේ. සිවම් පාක්‍කියනාදන් මහතා ජනාධිපතිවරයාට සමරු සිහිවටනයක්ද පිරිනමා තිබේ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපතිවරයා විසින් පුස්තකාල භූමියේ පැළයක් රෝපණය කර ඇත.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron