රටවල් 40ක ජාතිකයින් සඳහා අද සිට නොමිලේ සංචාරක වීසා

කෙටි කාලීනව මෙරටට පැමිණෙන රටවල් 40ක පිරිස් සඳහා දින 30ක කාලයක් සඳහා පිරිනමන නොමිලේ සංචාරක වීසා පහසුකම අද (25) සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාව, ප්‍රංශය,ඔස්ට්‍රියාව, මැලේසියාව, සෞදි අරාබිය, ජර්මනිය, නේපාලය, දකුණු කොරියාව, බහරේන්, ඉන්දියාව, නෙදර්ලන්තය, ස්පාඥ්ඥය, බෙලාරුස්, ඉන්දුනීසියාව, නවසීලන්තය, ස්වීඩනය, බෙල්ජියම, කැනඩාව, චීනය, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ඉරානය, ඊශ්‍රායලය, ඉතාලිය, ජපානය, කසකස්තානය, කුවේට්, නෝර්වේ, ඕමානය, පකිස්තානය, පෝලන්තය, කටාර්, රුසියාව, ස්විට්සර්ලන්තය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපද යන රටවල ජාතිකයින්ට මෙම පහසුකම හිමිවනු ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ රාජ්‍ය තාන්ත්‍රික, නිල, සේවා හෝ සාමාන්‍ය ගමන් බලපත්‍ර ඇති ඉහත සඳහන් රටවල ජාතිකයින්ට මෙම යෝජනා ක්‍රමය යටතේ නොමිලේ සංචාරක වීසා ලබා ගැනීමට සුදුසුකම් හිමිවන බවය.

එමෙන්ම ඉහත සඳහන් රටවල් 40 හි ජාතිකයින් සහ මෙරට සමග ද්විපාර්ශ්වික අන්‍යෝන්‍ය ගිවිසුම් ඇති ජාතිකයින් එනම් මාලදිවයින, සීශෙල්ස් සහ සිංගප්පූරුව ඇතුළු සියලුම විදේශීය ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණිමට පෙර විද්‍යුත් සංචාරක අවසරයක් (ETA) ලබා ගත යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

තවද ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ද්විපාර්ශ්වික අන්‍යෝන්‍ය ගිවිසුම අනුව මාලදිවයින් ජාතිකයින්ට පෙර  විද්‍යුත් සංචාරක අවසරය හරහා දින 90ක සංචාරක වීසා බලපත්‍රයක් ලැබෙනු ඇති අතර ඉහත රටවල් 40හී ජාතිකයින් සඳහා සහ මාලදිවයින, සීෂෙල්ස් සහ සිංගප්පූරු ජාතිකයින් සඳහා ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පත්‍රය නොමිලේ සකසනු ඇති බවත් සඳහන් කර ඇත.

මෙම යෝජනා ක්‍රමය යටතේ සංචාරකයින්ට දින 90ක් සඳහා වලංගු සංචාරක වීසා නොමිලේ ලබා ගත හැකි බවත් (මාලදිවයින් ජාතිකයින්ට දින 90ක් ලැබෙනු ඇත), දින 30ක වලංගු කාලය තුළ ශ්‍රී ලංකාවට පළමු වරට පැමිණි දින සිට ද්විත්ව ප්‍රවේශ පහසුකම ලබා ගත හැකි බවත් සඳහන් කර ඇති ආගමන විගම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ නොමිලේ වීසා බලපත්‍රයක් ලබාගෙන දින 30කට වඩා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට කැමති අයදුම්කරුවන්ට අදාළ වීසා ගාස්තුව ගෙවීමෙන් පසු වීසා බලපත්‍ර දීර්ඝ කිරීමක් සඳහාද ඉල්ලුම් කළ හැකි බවය.

ඉහත සඳහන් ETA නොමිලේ අයදුම් කිරීමට සුදුසුකම් ලබන ජාතිකයන් හැර, අනෙකුත් සියලුම රටවල ජාතිකයන් ශ්‍රී ලංකා ETA පද්ධතිය පාලනය කරන සාමාන්‍ය නීති සහ රෙගුලාසිවලට යටත් වන බවත් සඳහන් බවත් ආගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron