‘පිළිකා ඖෂධ රැසක මිල වැඩිවෙලා ‘

පිළිකා ඖෂධ කාණ්ඩ රැසක හිඟය සහ අදාළ ඖෂධ බාහිරින් මිලදී ගැනීමේදී දැරිය යුතු පිරිවැය අධික ලෙස ඉහළ යාම නිසා පිළිකා රෝගීන් හා ඔවුන්ගේ ඥාතීන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

පසුගිය කාලයේ මුළුල්ලේම පිළිකා ඖෂධ කාණ්ඩ රැසක හිඟය පැවති අතර, රජය රෝහල් පද්ධතිය තුළ මෙම පිළිකා ඖෂධ නොමැති වීම නිසා ලියාපදිංචි නොමැති පිළිකා ඖෂධ ඉතා අධික මුදලකට විකිණීමේ ජාවාරමක් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය. 

මේ අන්දමට බාහිර මසුවල පවතින ලියාපදිංචි නොමැති පිළිකා ඖෂධවල ගුණාත්මකභාවයද ප්‍රශ්න සහගත බව වැඩිදුරටත් සඳහන් කරන වෛද්‍යවරයා , ඇතැම් පිළිකා රෝගීන් සඳහා මසකට මෙම ඖෂධ බාහිරින් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් වැය වන බවත් මෙම මුදලෙන් එම රෝගීන්ට හෝ ඥාතීන්ට දරාගත නොහැකි බවද පෙන්වා දෙයි. 

මේ වන විට වෙළඳපොලේ බොහෝ ඖෂධවල මිල ඉහළ යමින් පවතින අතර මෙම තත්වය පිළිකා ඖෂධ කෙරෙහිද බලපා ඇති බව ඔහු පවසයි. 

දිගුකාලීන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සඳහා පවතින ආර්ථික අර්බුදය හමුවේ විශේෂ සහන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය වීම වැදගත් බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Hot this week

ශිරන්ති රාජපක්ෂ ලබන 16 වනදා දක්වා යළි රිමාන්ඩ්

බැංකු අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට ශිරන්ති රාජපක්ෂ...

එයාබස් විමර්ශන අවසන්, නාමල්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයක්

එයාබස් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව...

නාමල් රාජපක්ෂ මේ මස 27 වනදා දක්වා යළි රිමාන්ඩ්

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක්...

යෝෂිත සහ කරන්නාගොඩට එරෙහි අල්ලස් නඩුව කල් යයි.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්...

මුලින් හදවතේ අමාරුවක්, පසුව ඇසේ ආබාධයක්!

'සිරිලිය සවිය' මූල්‍ය ගනුදෙනු විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර...

Topics

ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවූයේ මාලිමාවේ ඉහළින් ආ බලපෑමටයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාගාරය තුළදී සිවුර ඉවත් කර...

IMF සමඟ නව වැඩසටහනකට යාමට රජය සූදානම්

රටේ ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා නව එකඟතාවකට...

මාස නවයකදී ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 9,613ක්

වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron