මාර්ග අනතුරුවලින් 30%කට සුනඛයන් හේතුවක්

ශ්‍රී ලංකාවේ සිදුවන මාර්ග අනතුරුවලින් සියයට 30කට ආසන්න ප්‍රමාණයකට සුනඛයන් සම්බන්ධ බවත්, සුනඛ සපාකෑම් සඳහා ලබාදෙන ජලභීතිකා එන්නත් වෙනුවෙන් රජයට වාර්ෂිකව රුපියල් බිලියනයකට ආසන්න මුදලක් වැය වන බවත් සත්වයන් මනෝවිද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ අල්ලා ගැනීම සම්බන්ධ පශු වෛද්‍ය සංගමයේ නිර්මාතෘ වෛද්‍ය චමිත් නානායක්කාර මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ වීදි සුනඛ ගැටලුවට ප්‍රධාන හේතුව මිනිසුන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය සහ නිසි ලෙස කළමනාකරණය නොකරන කසළ බවයි.

යෝජිත නව නීතිය යටතේ හිමිකරුවෙකු සිටින සෑම සුනඛයෙකුම අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමටත්, හිමිකරුවන් නොමැති වීදි සුනඛයන්ගේ වගකීම පළාත් පාලන ආයතන වෙත පැවරීමටත් යෝජනා කර ඇති බව ඔහු පැවසීය.

“එක් පැත්තකින්, බල්ලෙක් සපා කෑ විට එන්නත් කිරීම සඳහා රට වසරකට ආසන්නව රුපියල් බිලියනයක් පමණ වියදම් කරනවා. අනෙක් පැත්තෙන්, මාර්ග අනතුරුවලින් 30%ක් සිදු වෙනවා. මෙයින් ආර්ථිකයට කොතරම් බලපෑමක් වෙනවාද? මේ සතුන් පාරේ ඉන්නේ උන්ගේ කැමැත්තෙන් නෙවෙයි. ඒකට හේතුව මිනිසුන්ගේ නොසැලකිලිමත් ක්‍රියා සහ සමාජීය වගකීමක් නැතිකමයි. නීතියේ පැහැදිලිවම තියෙනවා මේ සතුන්ගේ වගකීම ප්‍රාදේශීය සභාව විසින් භාරගත යුතු බව. එවිට එන්නත් කිරීම සහ වන්ධ්‍යාකරණය සඳහා රජය වගකීම ගන්නා බැවින් පාරේ සිටින කිසිම බල්ලෙක් අසරණ වන්නේ නැහැ. එය ඉතා හොඳ සංකල්පයක්.”, යනුවෙන් වෛද්‍ය නානායක්කාර මහතා සඳහන් කලේය.

එමෙන්ම වීදි සුනඛයන්ගේ එන්නත්කරණය සහ වන්ධ්‍යාකරණය රජයේ වගකීම යටතට ගැනීම මගින් සත්ව සුබසාධනය සහ මහජන ආරක්ෂාව යන දෙකම ආරක්ෂා කළ හැකි බවද ඔහු පෙන්වාදෙමින් තවදුරටත් විස්තර කලේය.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron