දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ.
ඒ අනුව කොළඹ, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල පහත සඳහන් ප්‍රදේශ සඳහා 1 වන අදියර යටතේ මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ
කොළඹ දිස්ත්‍රික්කය: සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප්‍රදේශ
කළුතර දිස්ත්‍රික්කය: දොඩංගොඩ, බුලත්සිංහල, බේරුවල, ඉංගිරිය, මතුගම, පාලින්දනුවර සහ වලල්ලාවිට
කෑගල්ල දිස්ත්‍රික්කය: වරකාපොළ සහ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
පස් කඳු කඩා වැටීම්, ගල් පෙරළීම් හෝ එකවර ජල උල්පත් මතු වීම වැනි නායයෑමේ පූර්ව ලක්ෂණ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය වුවහොත් වහාම සුරක්ෂිත ස්ථාන වෙත යොමුවීමට සූදානම්ව සිටින ලෙසත් බලධාරීන් අදාළ ප්‍රදේශවාසීන්ට දැනුම් දෙයි.


