2019 පාස්කු ඉරුදින එල්ල වූ ත්රස්ත ප්රහාර මාලාවට අදාළව විභාග වූ ප්රධාන නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කිරීම සඳහා කොළඹ ත්රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (22) රැස්වේ.
ඊට අදාළව නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් පිරිස අද උදෑසන වන විටම අධිකරණ පරිශ්රය වෙත රැගෙන ඒමට බලධාරීන් කටයුතු කර ඇත.
ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් කුමන්ත්රණය කිරීම සහ ආධාර අනුබල දීම යන චෝදනා ඇතුළුව චෝදනා 23,270ක් යටතේ මොවුන්ට එරෙහිව මෙලෙස නඩු පවරා තිබේ.
නඩුවේ අවසන් තීන්දුව ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබිම හේතුවෙන් අලුත්කඩේ අධිකරණ පරිශ්රය සහ ඒ ආශ්රිත ප්රදේශය ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්රියාත්මක වේ.


