බටහිර,මධ්‍යම සහ වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු තීරයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය ඉදිරියට ගමන් කරමින්, ඉන්දියාවේ දකුණු ඔඩිෂා සහ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරයන් හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම පද්ධතිය නිසා ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් එල්ල නොවූවද, ඉන් ඇති වන වායු ප්‍රවාහය හේතුවෙන් මෙරට නිරිතදිග කලාපයේ පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් වර්ධනය වේ.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ ප්‍රබල වැසි පතනයන් ද වාර්තා විය හැකි බව සඳහන් වේ. මීට අමතරව උතුරු-මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.ඒ අනුව, බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ ප්‍රබල වැසි පතනයන් ද වාර්තා විය හැකි බව සඳහන් වේ. මීට අමතරව උතුරු-මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.
එමෙන්ම, මධ්‍යම කඳුකරයේ බටහිර බැසීම් ප්‍රදේශ, උතුරු-මැද, වයඹ පළාත් ඇතුළුව ත්‍රිකුණාමලය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40-50 දක්වා වූ තද සුළං ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි හදිසි තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.


