සුගීෂ්වරට ගෙවූ වැටුප ගියේ ගෝඨාභයගේ ඥාති පුතාට : අධිකරණයේදී අලුත් තොරතුරු හෙළිවෙයි!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතාට ජනාධිපති කාර්යාලයෙන් ගෙවූ බව කියන වැටුප් මුදල්, හිටපු ජනාධිපතිවරයාගේ සොහොයුරියකගේ පුතෙකුගේ ගිණුමට බැර වී ඇති බව මධ්‍යම විමර්ශන කාර්යාංශය ඊයේ (23) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරමින් රුපියල් කෝටි 22කට අධික රජයේ මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සහ විශ්වාසය කඩ කිරීමේ චෝදනා මත ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. ඊයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, ඔහුව ලබන 07 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

විමර්ශන ප්‍රගතිය අධිකරණයට වාර්තා කරමින් පොලීසිය සඳහන් කළේ, සැකකරුගේ ගිණුමට අවස්ථා 4කදී රුපියල් ලක්ෂ 50ක මුදලක් සහ අවස්ථා 79කදී රුපියල් එක්කෝටි දහහතර ලක්ෂයකට අධික මුදලක් බැරවී ඇති බවයි. අදාළ වැටුප් මුදල් සිය සොහොයුරියගේ පුතාගේ ගිණුමට බැරවී ඇති බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලබාගත් ප්‍රකාශවලින් ද තහවුරු වී තිබේ.

කෙසේ වෙතත්, එම ගිණුම් හිමිකරු ලබා දී ඇති ප්‍රකාශවල පරස්පරතා පවතින බව පොලීසිය පෙන්වා දුන්නේය. එක් ප්‍රකාශයකින් ඔහු පවසා ඇත්තේ අදාළ මුදලින් අඩක් පමණක් ලැබුණු බවයි. එහෙත් අනෙක් ප්‍රකාශයෙන් කිසිදු මුදලක් නොලැබුණු බව ඔහු පවසා ඇති බැවින් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

මීට අමතරව, විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස මොහු යටතේ අධ්‍යක්ෂවරුන් 22ක් ඇතුළු 135 දෙනෙකු පමණ සේවය කර ඇති බවත්, අදාළ ව්‍යාපෘතිය හරහා රජයේ මුදල් භාවිත කරමින් දේශපාලන ප්‍රවර්ධන කටයුතු පමණක් සිදුකර ඇති බවත් විමර්ශනවලදී තහවුරු වී ඇත.

සැකකරු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙන්වා දුන්නේ, මෙම නඩුව ආරම්භයේදීම සැකකරුට එරෙහිව ගොඩනැගූ ප්‍රධාන චෝදනාවක් වූයේ ඔහු වැටුප් දෙකක් ලබාගෙන ඇති බව වුවද, හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශවලින් පවා ඔහු එලෙස වැටුප් දෙකක් ලබාගෙන නොමැති බව මේ වන විට තහවුරු වී ඇති බවයි.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron