හපිපු ලෙබ්බේ මහමුදු රිපාඩ් මහතා අද (24) පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.
උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව කථානායකවරයා ඉදිරියේ ඔහු දිවුරුම් දී තිබෙනවා.
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ජාතික ලැයිස්තු මන්ත්රීවරයෙකු වූ එම්.එස්. අබ්දුල් වාහිද් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා මහමුදු රිපාඩ් මහතා පත් කර තිබෙනවා.


