වකුගඩු රෝහලේ පිපිරීම ගැන විමර්ශනයට චීන විශේෂඥයන්ගෙන් සහය

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා චීන විශේෂඥයන්ගේ සහාය ලබාගැනීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් චීන රජය දැනුවත් කිරීමට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හරහා අවශ්‍ය කටයුතු සිදුකරන බවද ඔහු සඳහන් කළා.

චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය තුළ පසුගිය 26 වැනිදා අලුයම මෙම පිපිරීම සිදුව තිබුණා. පිපිරීමෙන් රෝහල් සේවකයින් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඉන් එක් අයෙකු පසුව මියගොස් තිබෙනවා.

පිපිරීමෙන් ප්‍රධාන මුළුතැන්ගෙයට සහ ඒ අවට ගොඩනැගිලි කිහිපයකටද දැඩි හානි සිදුව තිබෙනවා. ගෑස් කාන්දුවක් හේතුවෙන් ගෑස් සිලින්ඩරයක් පිපිරීම සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කළත්, පිපිරීමට නිශ්චිත හේතුව මෙතෙක් තහවුරු කර නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇති අතර, මීට අමතරව රෝහලේ අභ්‍යන්තර පරීක්ෂණ කමිටුවක් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමේ වෙනම පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා. පිපිරීම සිදුවූ අවස්ථාවේ රෝගීන් හෝ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට හානි සිදුවී නොමැති අතර, රෝගීන් ආරක්ෂිත ස්ථාන වෙත මාරු කර තිබෙනවා.

මෙම රෝහල චීන රජයේ පූර්ණ ප්‍රදානයක් යටතේ ඉදිකරන ලද අතර, 2021 වසරේදී විවෘත කරනු ලැබුවා. ඒ අනුව රෝහලේ ඉදිකිරීම් සහ තාක්ෂණික පද්ධති සම්බන්ධ කරුණු පිළිබඳ විමර්ශන සඳහා චීන විශේෂඥයන්ගේ සහාය ලබාගැනීමට නියමිත බව සඳහන්.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron