යෝෂිතගේ මුදල් විශුද්ධිකරණ නඩුව යළි කැඳවයි.

අයතා ලෙස උපයාගත් බව කියන රුපියල් මිලියන 57කට ආසන්න මුදලක් බැංකු ගිණුම්වල තැන්පත් කර මුදල් විශුද්ධිකරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන නොවැම්බර් මස 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියෝග කළේය.

මෙම නඩුකරය අද කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී, පළමු විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

කෙසේ වෙතත්, නඩුවේ දෙවන විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය අද දිනයේ අධිකරණයේ පෙනී නොසිටියාය. ඇය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විසින් ඇයගේ නොපැමිණීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීය.

ඉදිරිපත් වූ එම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, මෙම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නඩුකරය ලබන නොවැම්බර් මස 03 වනදා යළි කැඳවීමට නියම කළේය.

මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනු කර ඇත්තේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේය. අයතා ලෙස උපයා ගත් රුපියල් මිලියන 57 කට ආසන්න මුදලක් බැංකු ගිණුම් තුනක තැන්පත් කිරීම තුළින් විත්තිකරුවන් විසින් අදාළ පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබේ.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron