ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා අද (28) විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.
සිය දරුවා වෙනුවෙන් නඩත්තු මුදල් ලබාදෙන ලෙස ඉල්ලා ගුවන් නියමුවරියක විසින් චාමික කරුණාරත්නට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඔහු පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.
ක්‍රීඩකයා මෙලෙස අධිකරණය හමුවේ පෙනී නොසිටීම සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, ඔහු වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස අදාළ බලධාරීන්ට නියෝග කළේය.
මෙම සිදුවීමට අදාළ නඩුව ලබන ජනවාරි මස 04 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියම කර තිබේ.


