අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම ඥානසාර හිමියන්ට විදේශගත වීම වළක්වාලමින් විදේශ ගමන් තහනමක්ද අධිකරණය විසින් පනවා තිබෙනවා.
අදාළ විදේශ ගමන් තහනම පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම්දෙන ලෙසත්, විවෘත වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්රියාත්මක කරන ලෙසත් අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.


