ශිරන්ති අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ‘සිරිලිය සවිය’ සංවිධානයේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් කොමිසම ඒකාබද්ධව විමර්ශන සිදුකරන අතර, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමට බව පවසමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ‘සිරිලිය සවිය’ වෙත ලබාගෙන ඇති රුපියල් මිලියන 10ක මුදලක් සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකෙරෙනවා.

අදාළ මුදල නියමිත අරමුණ සඳහා යොදා නොගැනීම සම්බන්ධයෙන් ‘දූෂණය’ නමැති වරදක් සිදුවී තිබේදැයි අල්ලස් කොමිසම විමර්ශනය කරන අතර, FCIDය පොදු දේපළ අවභාවිතය ඇතුළු වෙනත් අපරාධ නීති ප්‍රතිපාදන යටතේ විමර්ශන සිදුකරන බව සඳහන්.

මෙම විමර්ශනයට අදාළව FCID හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දී තිබියදී ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසුගිය සැප්තැම්බර් 18 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණා. ඇය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශගත වූ බව ඇගේ පාර්ශ්වය සඳහන් කර තිබුණා.

මේ අතර, යළි දිවයිනට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා ඇය විසින් අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබූ අතර, එය ඊයේ (06) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබුණා. එහිදී ඔක්තෝබර් 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු වාර්තා කරන ලෙස FCID ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කිරීමට අධිකරණය නියෝග කළා.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron