එකම දිනක අලුත්කඩේදී ඇහෙන රාජපක්ෂ පවුලේ නඩු තුන

ශිරන්ති, නාමල් සහ යෝෂිත රාජපක්ෂ යන පවුලේ තිදෙනෙකුට එරෙහි දූෂණ නඩු තුනක් අද කොළඹ අලුත්කඩේ අධිකරණයේදී එකම දිනකදී විභාගයට ගැනේ. දේශපාලන පවුලක සාමාජිකයන් තිදෙනෙකුට එරෙහි නඩු ත්‍රිත්වයක් මෙලෙස එකම දිනක විභාග වන පළමු අවස්ථාව මෙයයි.

ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නඩුව

ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් ‘සිරිලිය සවිය’ සංවිධානයේ ගිණුමකට බැර කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව යටතේ ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වේ. ඇය පසුගිය ඔක්තෝබර් 7 වනදා සිට රිමාන්ඩ් බන්ධනාගාරගතව පසුවෙයි.

නාමල් රාජපක්ෂ මහතාගේ නඩු

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත පවරා ඇති ‘ක්‍රිෂ් නඩුව’ ද අද එම අධිකරණයේදීම කැඳවීමට නියමිතයි. මෙම ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව ඔහුට එරෙහිව පවතින තවත් නඩුවකට ඔහුව ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඊට අමතරව, ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීමේ සිද්ධියට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් සැප්තැම්බර් 30 වෙනිදා ඇප නියම වූ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් අලුත්කඩේ මහේස්ත්‍රාත්වරයා හමුවේ ඇති නඩුවේ ඇප ඉල්ලීම සලකා බැලීම ද අද දින සිදු කෙරේ.

යෝෂිත රාජපක්ෂ මහතාගේ නඩුව

නිසි අධ්‍යාපනික සුදුසුකම් නොමැතිව නාවික හමුදා විධායක ශිෂ්‍යභට නිලධාරියකු ලෙස බඳවාගෙන, බ්‍රිතාන්‍යයේ ‘Royal Navy Young Officers Course’ පාඨමාලාවට සහභාගි කරවීමෙන් රජයට පාඩු සිදුකළ බවට චෝදනා ලබා සිටින යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහි නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනේ.

තවද, නාමල් රාජපක්ෂ මහතාගේ නඩුව විභාගයට ගත් පසුගිය සැප්තැම්බර් 29 වනදා, ලලිත් – කූගන් සිදුවීමට අදාළව සාක්ෂි දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේය.

Hot this week

මාස නවයකදී ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 9,613ක්

වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්...

නාමල් අදත් උදෙන්ම අධිකරණයේ!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත...

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

Topics

මාස නවයකදී ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 9,613ක්

වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්...

නාමල් අදත් උදෙන්ම අධිකරණයේ!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත...

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron