නාමල් අදත් උදෙන්ම අධිකරණයේ!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (13) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ අද කැඳවීමට නියමිතව තිබූ අතර, ඒ සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර මන්ත්‍රීවරයාව අධිකරණයට රැගෙන විත් ඇත.

2012 වසරේදී කොළඹ කොටුවේ පිහිටි ඓතිහාසික ‘ට්‍රාන්ස්වර්ක්ස්’ ගොඩනැගිල්ල පිටුපස අක්කර 4.3 ක භූමි භාගයක සුපිරි මහල් නිවාස, හෝටල් සහ සාප්පු සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ ක්‍රිෂ් සමූහය අතර ගිවිසුම්ගත විය.

එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී ‘කාල්ටන් සුපර් සෙවන්ස්’ රග්බි තරගාවලියට අනුග්‍රහය දැක්වීමේ මුවාවෙන් ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන, එය නීතිවිරෝධී ලෙස පරිහරණය කිරීම සහ මුදල් විශුද්ධිකරණය සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව මෙලෙස චෝදනා එල්ල වී තිබේ.

මීට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව 2016 වසරේදී ද මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත්ව පසුව ඇප මත මුදා හැරුණි. මේ අතර, නාමල් රාජපක්ෂ මහතාට අදාළ රුපියල් මිලියන 70ක මුදල අල්ලසක් ලෙස ලබාදුන් බවට වන චෝදනාව මත ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකාවක වන ජානකී සිරිවර්ධන මහත්මිය ද පසුගියදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

Hot this week

මාස නවයකදී ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 9,613ක්

වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්...

එකම දිනක අලුත්කඩේදී ඇහෙන රාජපක්ෂ පවුලේ නඩු තුන

ශිරන්ති, නාමල් සහ යෝෂිත රාජපක්ෂ යන පවුලේ තිදෙනෙකුට එරෙහි...

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

Topics

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron