ආඳාමාළු ඉරට්ටෙන් කන ඒකාබද්ධ විපක්ෂය

පසුගිය බදාදා (22) වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර සිය කාර්යයාලය නිල අසුනේ සිටියදීම වෙඩික්කරුවකුගේ ඉලක්කයට ලක් වන්නේය. ඉන් බරපතල තුවාල ලද සභාපතිවරයා රෝහල්ගත කළ නමුත් වයස අවුරුදු 38 ක ජීවිතයට සමුදී ජීවිතක්ෂයට පත් වූ බව මේවන විට ශ්‍රී ලංකාවම දන්නා කරුණකි.

මියගිය සභාපතිවරයා, ප්‍රසිද්ධියට පත්වන්නේ මිදිගම ලසා නමින්ය. ඔහු පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන්නේ සමගි ජනබලවේගයෙන්ය. නමුත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදි සජබය වැලිගමින් දිනාගන්නේ ආසන 9කි. ජාතික ජනබලවේගයට ආසන 22කි. සරළ බහුතරය වැඩිම ආසන දිනූ ජාජබයට හිමි නොවූ බැවින් විවෘත ඡන්දයකින් අනතුරුව ලසන්ත වික්‍රමසේකර 23ට 22ක් ලෙස පොදු විපක්ෂයේ පූර්ණ සහයෝගය ලබාගනිමින් සභාපතිධුරයට පත්වන්නේය.

සිය නිළ අසුනේ සිටියදීම විපක්ෂයේ සහාය ලද සභාපතිවරයා ඝාතනය වීම පොදු විපක්ෂය දැඩි කැළඹීමකට පත් කළ බව නොරහසකි. පාර්ලිමේන්තුව දෙවනත් කරමින් ඝාතනයේ වගකීම ආණ්ඩු පක්ෂය වෙත පැවරීමට විපක්ෂයේ සියළුම පක්ෂ යුහුසුළුව ඉදිරිපත් විය. ඉන් නොනැවති සභාපතිවරයාගේ ඝාතනයට විරෝධය පල කිරීම සඳහා අද, බ්‍රහස්පතින්දා (23) විපක්ෂය පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ කළු ඇඳුමින් සැරසීගෙනය.

විපක්ෂයේ මේ දැඩි විරෝධයට, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඝාතනය වූ සභාපතිවරයා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වූවෙක් සහ නඩු කීපයකම චූදිතයෙක් බව පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කිරීමත් හේතු වන්නට ඇත. සභාපතිවරයාගේ ඝාතනයට හේතුපාදක වූ කරුණු කාරණා මොනවාදැයි පරීක්ෂණවලින් ඔප්පු නොවූ මොහොතක අමාත්‍යවරයා කළ එම ප්‍රකාශය වගකීම් විරහිත යැයි අපද විශ්වාස කරන්නෙමු. අවම තරමින් ඝාතකයින් කවුදැයි හඳුනා නොගත් තත්ත්වයකදි විෂයය භාර අමාත්‍යවරයාගෙන් එවැනි ප්‍රකාශයක් පුරවැසියන් කිසිසේත් බලාපොරොත්තු වන්නේ නැත.

කෙසේ නමුත්, අද සටහනේ අරමුණ වැලිගම සභාපතිවරයාගේ ඝාතනය පිළිබඳ අදහස් පළ කිරීම නොවේ. එය පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සතු වගකීමකි.

ලසන්ත ඝාතනයත් සමග හීනෙන් අවදිවූ අතදරුවන් ලෙස හැසිරෙන විපක්ෂයේ විකාර රංගනය කියවාගැනීම මෙහි අරමුණයි.

ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා පිළිබඳව ආනන්ද විජේපාල කළ ප්‍රකාශය අමාත්‍යවරයකු ලෙස නොකළ යුතුව තිබූවක් වුවද ඔහු කියන්නේ අසත්‍යයක් නොවේ. මියගිය සභාපතිවරයා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකි. අයිආර්සීකාරයෙකි. ඔහුට නාම යෝජනා ලබාදීමට පෙර සිටම සමාජයෙන් විවේචන එල්ලවිණි. කෙසේ නමුත් සමගි ජන බලවේගයේ නායකයින් ඒවා කනකට නොගත්තෝය. ඒ සම්බන්ධයෙන් කිසිවකුත් පුදුමයට පත්විය යුතුද නැත. ශ්‍රී ලාංකේය දේශපාලනයට සංවිධානාත්මක අපරාධකරුවන් හවුල්කරගැනීමේ පුරෝගාමින් වන්නේ සජබයේ තිඹිරිගෙය වන එක්සත් ජාතික පක්ෂයයි.

1977 දි හයෙන් පහක බලයක් ලැබූ එජාපයේ බල පරාක්‍රමය තහවුරු කරගැනීමට රාජ්‍ය හමුදා, පොලිසියේ සහාය ලබාගැනීමට වඩා ප්‍රාදේශිය මැරයින් ශක්තිමත් කිරීම ඔවුන්ගේ උපක්‍රමය විය. සිරිසේන කුරේ, සිරිල් මැතිවු, පෝල් පෙරේරා වැනි දේශපාලකයින්ගේ සෙවනේ අපරාධකරුවන් ඇතිදැඩි වු අතර ගෝනවල සුනිල් නොහොත් සුනිල් පෙරේරා එජාප මැර සංස්කෘතියේ පුරෝගාමියකු විය. ස්ත්‍රි දූෂන චෝදනාවකට සිරගතව සිටි හෙතෙම නිදහස් කිරීමෙන් නොනැවතී දිවයිනටම සාම විනිසුරු පදවියක්ද ලබා ගන්නේය. කැළණිය සරසවියේ සිසු උද්ඝෝෂණවපට පහරදීම වැනි සුළු සුළු වැඩවලට ප්‍රයෝජනයට ගත් සුනිල්, කුප්‍රකට බටලන්ද වධකාගාරය පවත්වාගෙන ගිය සමයේ රනිල් වික්‍රමසිංහගේ සුවච කීකරු දඩ බල්ලෙක් ලෙස කටයුතු කළ බව කියවේ.

අඹරගේ දොන් උපාලි නොහොත් සොත්ති උපාලි එජාපය සෙවනේ වැඩුණු තවත් කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකි. වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ පියානෝ වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ දකුණු අත වූ උපාලි, එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකත්වයද හෙබවිය.

නාවල නිහාල්, නොයෙල් අමරසිංහ ඇතුළු බොහෝ අපරාධකරුවන්ට තමන්ට රිසි සේ මෙරට නීතිය පයිසෙකට මායිම් නොකර පාදඩකම් කිරීමට පිච් එක තනා දුන්නේ එජාපයයි.

ඉන් අනතුරුව චන්ද්‍රිකා බණ්ඩාරණායක පාලන සමයෙදි එජාප ආශිර්වාදයෙන් බහ තේරු සංවිධානාත්මක අපරාධ ජාලය තව තවත් මෙරට සාමාන්‍ය පුරවැසියන්ගේ හිස්වලට ඉහළින් අතපය හසුරුවන්නට පටන් ගන්නේය. බැද්දගානේ සංජීව නම් වූ අපරාධකරු හිටපු ජනාධිපතිනියට කෙතරම් සමීප වූවා දැයි පැහැදිළි වන්නේ ඔහුව ජනාධිපති ආරක්ෂක සේවයට අනුයුක්ත කරගැනීමට තරම් කටයුතු කිරීමෙන්ය.

කෙසේ නමුත් එතුවක් කල් අපරාධකරුවන්ව ගෙට වද්දගත්තාට තමන් මා සක්‍රීය දේශපාලනයේ එකට හිඳ ගැනීමට කිසිවිටෙකුත් දේශපාලකයින් කල්පනා නොකළෝය. ඒ සියළු තත්ත්වයන් කනපිට හැරවෙන්නේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදීය.

අපරාධකරුවන් ප්‍රාදේශිය දේශපාලනයේ සක්‍රීය කරවීමට කටයුතු කරන්නේ රාජපක්ෂවරුන්ය.

නූරිවත්තේ අතකොටා හෙවත් අනිල් චම්පික ජයසිංහ, තංගල්ලේ සම්පත් පුෂ්පකුමාර, චන්ඩි මල්ලි හෙවත් රංජිත් කුමාර, මනෝජ් මෙන්ඩිස් මතු නොව සනත් නිශාන්ත, ප්‍රසන්න රණවීර වැනි ප්‍රාදේශිය මැරයින් ජාතික දේශපාලනයට ගෙනැවිත් මෙරට අපරාධ සංස්කෘතියට සුජාතභාවයක් ලියා දුන්නේ රාජපක්ෂ පාලනයයි. නම් ලැයිස්තුව බොහෝ දිගය.

ප්‍රෙමලාල් ජයසේකර, ප්‍රසන්න රණතුංග වැනි අධිකරණයෙන් මිනීමැරුම්, කප්පම් ගැනීම්වලට වරදකරුවන් වූවන් පවා ව්‍යවස්ථාදායකයේ ඉහලින්ම රැඳවීමට රාජපක්ෂලා සේම රනිල් වික්‍රමසිංහලාද හවුල් වන්නේය.

කෙසේ නමුත් 2022 අරගලයෙන් පසු එම පාදඩ දේශපාලනයට තාවකාලික විරාමයක් ලැබුනද නැවතත් අලුත් වටයකින් දේශපාලනයට අපරාධකරුවන් කැඳවීම විපක්ෂය ක්‍රමානුකූලව අරඹන්නේ ඉකුත් පළාත්පාලන මැතිවරණයේදිය.

ඩෑන් ප්‍රියසාද්, සතා නාලක ඇතුළු මැරයින් රැසක් පොහොට්ටුවෙන් නාම යෝජනා ලබද්දි මිදිගම ලසාට දොරටුව විවර කරන්නේ සජබයයි. සමස්ත විපක්ෂයෙම බලය තහවුරු කරගැනීමට පාවිච්චි කරන ලොකුම තුරුම්පුව අපරාධ සංස්කෘතියයි.

තත්ත්වය එසේ තිබියදී කළු ඇඳුම් ඇඳ මේ රවටන්නට හදන්නේ කවුරුන්ද? විපක්ෂයට ආඳා මාළු කෑමේ කිසිම බාධාකයක් නැත. රටම ඔවුන්ගේ අතීතයද වත්මන් භාවිතාවද දනී. එසේ තිබියදී ඉරටු උස්සගෙන රඟන මොණර නැටුම්වල අවසානය තවත් විහිළුවක් වීම මිස අන් කවරක්ද?

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron