Thursday, January 1, 2026
23.8 C
Sri Lanka

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතෙන් ඉවත්වන හිමිකම්

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරිමේ) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් අද (10) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර, විපක්ෂව එක් ඡන්දයක් පමණක් ලැබුණි.

ඒ අනුව පනත් කෙටුම්පත් කාරක සභා අවස්ථාවේදී කිසිදු සංශෝධනයකින් තොරව මෙම පනත සම්මත විය.

නව කෙටුම් පතට ඇතුළත් වන සංශෝධන මොනවද?

1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත අධිකරණය සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි පළ කර ඇත.

මෙම පනත 2025 අංක දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත්කිරීමේ) පනත යනුවෙන් හඳුන්වනු ලැබෙන අතර, 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත මෙයින් ඉවත් කරනු ලබන බව සඳහන් වේ.

ඉවත්වන හිමිකම් මොනවාද?

  • හිටපු ජනාධිපතිවරයකු හෝ ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව
  • හිටපු ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහනය සහ වෙනත් සියලු පහසුකම්
  • හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹූලට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප

වරප්‍රසාද අහිමි වන්නේ කාටද?

දැනට ජීවතුන් අතර සිටින විශ්‍රාමික ජනාධිපතිවරුන් හා ජීවතුන් අතර නොමැති විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වැන්දඹුවට හිමිවන වරප්‍රසාද මින් ඉදිරියට හිමි නොවනු ඇත.

මෙරට පළමුවන විධායක ජනාධිපති ජේ. ආර් ජයවර්ධන සහ තෙවන විධායක ජනාධිපති ඩී.බී විජයතුංග යන විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් මේ වනවිට ජීවතුන් අතර නොමැත.

මෙරට දෙවන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන එහෙමා ප්‍රේමදාස තවමත් ජීවතුන් අතර සිටින අතර මෙම පනත යටතේ ඇයට හිමි ඉහත වරප්‍රසාද අහිමි විය හැකිය.

එමෙන්ම දැනට ජීවතුන් අතර සිටින හිටපු ජනාධිපතිවරුන්වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහටද මෙම නවව කෙටුම්පත මගින් ඉහත සියලු හිමිකම් අහිමිවනු ඇත .

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron