මහීපාලගේ බිරිඳට වැව් රක්ෂිතයේ හෝටලයක්

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් තම බලතල නිති විරෝධි ආකාරයට භාවිතා කරමින් සිය බිරිද නමින් පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ පවත්වගෙන යන හෝටලය සහ පර්වස් හැටක භූමි භාගයක ඉදිකොට ඇති ගොඩනැගිලි මසක් ඇතුළත කඩා ඉවත් කර ගන්නා මෙන් මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක ලිඛිතව හිටපු ආණ්ඩුකාර බිරිද වන අජන්තා රෑපසාරි හේරත් මහත්මියට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි වැව් රක්ෂිත මායිම් කිරීම මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කොට පවතී.

එබැවින් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන මහතා සඳහන් කර ඇත්තේ පෙරමියන්කුලම වැවේ වැව් රක්ෂිතය මායිම් කිරීමේදී වැව් රක්ෂිතය තුළම හිටපු ආණ්ඩුකාර බිරිද හෝටලයක් ඉදිකිරීම සඳහා කිසිදු නීතිමය ලියකියවිල්ලක් නොමැතිව අනවසරයෙන් ගොඩනැගිලි ඉදිකිරීමේ හේතුවෙන් එය තඩා ඉවත්කර ගන්නා ලෙසට දැනුම් දුන් බව‍යි.

එසේම මේවන විට පෙරමියන්කුලම වැවේ වැව් රක්ෂිතයේ සියළු මැණුම් කටයුතු අවසන් කොට මායිම් ගල්ද දමා අවසන් කොට ඇති බව වාර්තා වේ.

තවද පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ රජයේ නිල නිවාස, හෝටල් හා ආගමික ස්ථානයක්ද ඉදිකොට තිබෙන බව මායිම් සලකුණු කිරිමේදි හදුනාගත් බවත් ඒවා පිළිබඳව කමිටුවට කරුණු ඉදිරිපත් කොට අනතුරුව තීරණයක් ගන්නා බවත් දිසානායක මහතා සඳහන් කළේ ය.

එමෙන්ම හිටපු ආණ්ඩුකාර බිරිද මසක් තුළ මෙම අනවසර ඉදිකිරිම් ඉවත්කර නොගන්නේ නම් එම ඉදිකිරිම් රජය මගින් ඉවත්කරන බවද මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

තවද, අනුරාධපුර නුවර වැවේ වැව් රක්ෂිත අලුතින් සීමා කිරීම නිසා අවට පදිංචිකරුවන් හා කර්මාන්තකරුවන් බරපතළ අර්බුද රැසක පැටලී ඇති බව සඳහන් වෙයි.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron