සජින් වාස්ට එරෙහි නඩුවක් කල්යයි

රුපියල් ලක්ෂ 369ක අධික ආදායම් බදු නොගෙවීම සම්බන්ධයෙන් හේතු ඇත්නම් ඒවා ලිඛිතව දෙසැම්බර් 16 වනදා අධිකරණය හමුවේ ගොනුකිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට නියෝග කළේය.

මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

2010, 2011 සහ 2012 වසරවල රුපියල් 36,975,959ක පුද්ගල ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින වාස් ගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී සිටියේය.

වගඋත්තරකාර ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජීවන්ත ජයතිලක මහතා කරුණු දක්වමින් මෙම මහෙස්ත්‍රාත් අධිකරණ නඩුවට එරෙහිව සිය සේවාදායකයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ‍ පෙත්සමක් ගොනුකොට ඇති බව සඳහන් කළේය.

එම පෙත්සම ලබන වසරේ මාර්තු මස 26 වනදා කැඳවීමට දින නියම කර තිබෙන බවත් ඔහු පැවසුවේය.

දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩුකරයට අදාළව කිසිදු නියෝගයක් මේ දක්වා නිකුත් කර නොමැති බව සඳහන් කළේය.

එම නිසා මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට බාධාවක් නොමැති වුවත් ඔහු පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළිත් දෙසැම්බර් මස 16 වනදා කැඳවීමට නියම කළේය.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron