පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරන ඉංජිනේරු පීඨ ප්‍රදර්ශනයේ අවසන් දිනය අද ක්‍රියාත්මක වේ. අද (27) උදෑසන 10 සිට රාත්‍රි 10 දක්වා මෙය ක්‍රියාත්මක වේ. ඉංජිනේරු විද්‍යාව පිලිබද හදාරන ශිෂ්‍යයන්ට වැදගත් අවස්ථාවක් වන අතර ඊයේ (26) 30,000 ආසන්න පිරිසක් මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා සහභාගි වූ බව වාර්තා වේ. අද දිනයේදී ද මෙම ප්‍රදර්ශනයට සමගාමීව විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර සවස 6 .00 Drone සංදර්ශනයක් පැවැත්වීමට ද සූදානම් බව ආරංචි මාර්ග සඳහන් කරයි.






