අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ, මාරියා චිත්‍රපටයේ මංගල දර්ශනය ඊයේ (20) colombo City Center හී දී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි. මේ සදහා රංගන ශීල්පීන් ශිල්පිනියන් විශාල ප්‍රමාණයක් සහභාගි විය. මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, ප්‍රියන්ත සිරිකුමාර, දර්ශන් ධර්මරාජ්, දසුන් පතිරණ, අශාන් ඩයස්, සුරන් දසනායක මෙම චිත්‍රපටය සදහා රංගන දායකත්වය සපයයි. මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රි ලංකා සිනමා ඉතිහාසයේ සයුර මැද රූගත කිරිම් සිදු කරමින් නිම කළ චිත්‍රපටය වීමත්, කිසිදු කාන්තා චරිතයක් ඇතුලත් නොවීමත් ය.
වියට්නාමයේ හැනෝයි නුවරදී පැවති 6 වන හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය මෙම චිත්‍රපටයේ රඟපෑ නළුවන් හත් දෙනාටම හිමිවිය. හොඳම නළුවා සම්මානය එකවර හත් දෙනෙකු දිනාගත් ප්‍රථම අවස්ථාව ද මෙය වේ. සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූ ‘මාරියා චිත්‍රපටය’ අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.


