දරුවන්ට සවන් දෙන්න.. ඔවුන්ට සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කරන්න..

ලෝක ළමා දිනය අදයි.

අනාගතයට සවන් දෙන්න, ළමා අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටින්න යන තේමාව මූලික කරගෙන, වඩා හොඳ ලෝකයක් හැඩගැස්වීමට සහ ළමයින්ගේ විශ්වීය මානව හිමිකම් ආරක්ෂා කිරීමට දරුවන්ට හඬක් ලබා දීම මූලික පරමාර්තය පෙරදැරිව මෙවර ලෝක ළමා දිනය සමරනු ලබනවා.

එවැනි පසුබිමක ලංකාවේ පාර්ලිමේන්තුව තුළ මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වෙන දෙයක් තමයි දරුවන්ට එරෙහිව ශාරීරික දඬුවම්වලට එරෙහි කෙටුම්පත සාකච්ඡාවට ගැනීම.

සංඛ්‍යා ලේඛනවලට අනූව ලොව පුරා ළමුන් බිලියන 1.2ක් පමණ වාර්ෂිකව නිවසේදී ශාරීරික දණ්ඩනයන්ට ලක්වන බව (අවුරුදු 0-18ත් අතර ළමුන්) ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය අධීක්ෂණය කරන එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් කමිටුව (UN Committee on the Rights of the Child) ශාරීරික දඬුවම් අර්ථ දක්වා ඇත්තේ, “කෙතරම් සුළු වුව ද, ශාරීරික බලය භාවිත කර යම් ප්‍රමාණයක වේදනාවක් හෝ අපහසුතාවක් ඇති කිරීමට අදහස් කරන ඕනෑ ම දඬුවමක්,” ශාරීරික දඬුවමක් ලෙසයි.

එම කමිටුවට අනුව, බොහෝදුරට ළමයින්ට අතින් හෝ උපකරණයකින් (කස, කෝටුව, පටිය, සපත්තුව, ලී හැන්දක් හෝ ඒ හා සමාන) පහර දීම ඇතුළත් වේ, නමුත් එයට උදාහරණයක් ලෙස ළමයින්ට පයින් ගැසීම, සෙලවීම හෝ විසි කිරීම, සීරීම, ඇණ ගැසීම, සපා කෑම, හිසකෙස් ඇදීම හෝ කන් මිරිකීම, ළමයින් අපහසුතාවට පත් ස්ථානවල රැඳී සිටීමට බල කිරීම, පිළිස්සීම හෝ බලහත්කාරයෙන් යමක් ශරීරගත කිරීම ද ශාරීරික දඬුවම් යටතට ගැනේ.

අධ්‍යයනවලින් සොයාගෙන ඇත්තේ, ශාරීරික දඬුවම් වාර ගණන වැඩි වන විට ළමයින්ගේ ආක්‍රමණශීලීත්වය සහ ගණිතයට සහ කියවීමට ඇති හැකියාව අඩු වන බව ය. ඊට අමතරව, ශාරීරික හිංසන හරහා ළමුන්ගේ පෞරුෂත්වය, නිර්මාණශීලීත්වය, මානසික ශක්තිය ආදී ධනාත්මක තත්ත්වයන් හීන වන බව විශේෂඥයින්ගේ අදහස යි.

හිංසනයෙන් තොර වූ අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් ළමුන්ට එරෙහිව ශාරීරික දණ්ඩනයට විරුද්ධවෙමු.

Hot this week

ශිරන්ති රාජපක්ෂ ලබන 16 වනදා දක්වා යළි රිමාන්ඩ්

බැංකු අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට ශිරන්ති රාජපක්ෂ...

එයාබස් විමර්ශන අවසන්, නාමල්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයක්

එයාබස් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව...

නාමල් රාජපක්ෂ මේ මස 27 වනදා දක්වා යළි රිමාන්ඩ්

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක්...

යෝෂිත සහ කරන්නාගොඩට එරෙහි අල්ලස් නඩුව කල් යයි.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්...

මුලින් හදවතේ අමාරුවක්, පසුව ඇසේ ආබාධයක්!

'සිරිලිය සවිය' මූල්‍ය ගනුදෙනු විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර...

Topics

ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවූයේ මාලිමාවේ ඉහළින් ආ බලපෑමටයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාගාරය තුළදී සිවුර ඉවත් කර...

IMF සමඟ නව වැඩසටහනකට යාමට රජය සූදානම්

රටේ ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා නව එකඟතාවකට...

මාස නවයකදී ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 9,613ක්

වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron