නිශාන්ත වික්‍රමසිංහගේ නඩුවට අධිකරණයෙන් නියෝගයක්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) අල්ලස් කොමිසමට නියම කළේය. 

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවා තිබේ.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම්දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි. 

ඒ අනුව මෙම නඩුකරය යළි දෙසැම්බර් මස අටවන දින කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය දැනුම්දෙන ලෙසත් නියෝග කර තිබේ.

2014 ජනවාරි 22 වනදා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක දක්වා පැමිණීමට නියමිතව තිබූ UL319 දරන ගුවන්යානයේ ගමන් මාර්ගය වෙනස් කිරීමෙන් රජයට අම‍ෙරිකානු ඩොලර් 4,512ක පාඩුවක් සිදුකිරීම සහ 2014 වසරේ ජනවාරි 26 වනදා මාලදිවයිනේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රංශය බලායාමට සිටි මගීන් 75 දෙනෙකු UL563 දරන ගුවන්යානයෙන් පිටත්කර හැරීම මගින් අමෙරිකානු ඩොලර් 19,160ක මුදලක් රජයට පාඩු කිරීම යන චෝදනා සැකකරු වෙත එල්ල වී තිබේ.

ඊට අමතරව 2014 වසරේ දෙසැම්බර් 19 වනදා කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවැති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන්  රුපියල් 1,250,000ක රජයේ මුදල් වැය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව තවත් චෝදනාවක් එල්ල වී තිබේ.

Hot this week

දිත්වාගෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගය යළි මහනුවරට

මාස ගණනක් වසා තිබූ කොළඹ කොටුව – මහනුවර දුම්රිය...

මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළෙන්දන්ට තේ ගෙන යන්න අලුත් පාරක්

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන පෑලියගොඩ මැනිං පොදු...

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

Topics

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron