සංචාරක ආයෝජන සඳහා ජනාධිපති මන්දිර බදු දීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටා ඇති සහ වර්තමාන ජනාධිපතිවරයාගේ කටයුතු සඳහා භාවිත නොකෙරෙන ජනාධිපති මන්දිර කිහිපයක් සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත බැහැර කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ජනාධිපතිවරයාගේ නිල කටයුතු හා පෞද්ගලික විවේක අවස්ථාවන් සඳහා පවත්වාගෙන යනු ලබන මෙම මන්දිර, දැනට ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පාලනය වන අතර, ඒවා නඩත්තු කිරීම, ආරක්ෂාව සැපයීම සහ අනෙකුත් වියදම් සඳහා රාජ්‍ය මුදල් සැලකිය යුතු ලෙස වැය කිරීමට සිදුව ඇත.

ඉතා ඉහළ වාස්තු විද්‍යාත්මක හා ආර්ථික වටිනාකම්වලින් යුත් අංගසම්පූර්ණ පහසුකම්වලින් සහ ආකර්ෂණීය බිම් සැකසුම්වලින් සමන්විත මෙම මන්දිර ආර්ථික වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ. 

රජය සතු බංගලා, නිවාස සහ ජනාධිපති මන්දිර ආර්ථික වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීම සඳහා වන ක්‍රමවේදයක් හඳුන්වා දීමට පත් කළ කමිටුවේ නිර්දේශ මත මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, පහත සඳහන් ප්‍රදේශවල පිහිටා ඇති ජනාධිපති මන්දිර සංචාරක ආයෝජන ව්‍යාපෘති සඳහා යෝජනා කැඳවා සුදුසු ආයෝජකයන් වෙත බදු දීමට නියමිතය:

බෙන්තොට

කතරගම

මහියංගනය

ඇඹිලිපිටිය

අනුරාධපුරය

මෙම යෝජනාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

Hot this week

දිත්වාගෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගය යළි මහනුවරට

මාස ගණනක් වසා තිබූ කොළඹ කොටුව – මහනුවර දුම්රිය...

මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළෙන්දන්ට තේ ගෙන යන්න අලුත් පාරක්

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන පෑලියගොඩ මැනිං පොදු...

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

Topics

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron