ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (31) දිනයේ සුළු වශයෙන් පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල 1.71%%කින් පහළ ගොස් ඇති අතර, එහි මිල අමෙරිකානු ඩොලර් 82.16ක් ලෙස සටහන් වී තිබේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිලද 1.16%කින් අඩුවී ඇති අතර, එහි මිල ලෙස සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර් 88ක්ය.

එමෙන්ම මර්බන් වර්ගයේ බොරතෙල් මිල ගණන්ද 2.60%කින් පහළ ගොස් ඇති අතර, ඒ අනුව එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 85.71ක් ලෙසද සටහන් වී තිබේ.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය ද අද (31) බොහෝ දුරට සිදු කිරීමට නියමිතව ඇත.

එම සංස්ථාව මේ වන විට ලබා ඇති ලාභය සැලකිල්ලට ගනිමින් ඉන්ධන මිල සංශෝධයක් සිදුකිරීමේ සූදානමක් නොමැති බව එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි. 

රජයේ මුදල් පිළිබඳ කාරකසභාවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ, ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි අවිනිෂ්චිතතාවය හේතුවෙන් ඉන්ධන මිල අඩු කළ නොහැකි බවය. 

මේ සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරකසභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා තවදුරටත් විමසා සිටි අතර, ඊට  ප්‍රතිචාර දැක්වූ ඩී.ජේ. රාජකරුණා මහතා,

“සාමාන්‍යෙයන් මිල වැඩිවුණේ 50%කින් 60%කින්. නමුත් අපි වැඩිකළේ 4%කින්. 

ඊට පිළිතුරු දුන් පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා,

“එතකොට  M-2 කිව්වාම දැන් ජූලි කිව්වොත් මිල තීරණය කරන්නේ ජූලි මාසයේ අන්තිම දවසෙනේ?

ඩී.ජේ. රාජකරුණා,

“ජූලි මාසයේ ආපු 92 පෙට්‍රල් ගත්තොත් ගොඩබෑමේ පිරිවැය වෙලා තියෙනවා 269යි ශත 76යි’ ඊට පස්සේ අනිත් ඒවා එකතුවෙලා සැකසුම් පිරිවැය රුපියල් 18.51ක් එකතුවෙනවා. අනෙකුත් පිරිවැය 3යි ශත 90ක් එකතුවෙනවා. 

Operation Lost එක 2යි ශත 11යි. ප්‍රවාහන වියදම් 3යි ශත 68යි. ඩීලර් මාර්ජින් එක රුපියල් 8යි ශත 35යි. බදු එකතු වෙනවා රුපියල් 135යි ශත 97ක්.

එහෙම එකතුවුණාට පස්සේ 429යි ශත 83ක්. 269යි ශත 76ක් ගන්නේ ජුනි මාසේ අපිට ආපූ නැව්වල වටිනාකම”.

Hot this week

දිත්වාගෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගය යළි මහනුවරට

මාස ගණනක් වසා තිබූ කොළඹ කොටුව – මහනුවර දුම්රිය...

මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළෙන්දන්ට තේ ගෙන යන්න අලුත් පාරක්

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන පෑලියගොඩ මැනිං පොදු...

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

Topics

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron