මේ ආණ්ඩුව බලයෙන් උන්මත්තකවෙලා තියෙන්නේ -නාමල් රාජපක්ෂ-

මේ ආණ්ඩුව බලයෙන් උන්මත්තකවෙලා තියෙන්නේ.මන්ත්‍රීවරු 159,ගරු ජනාධිපතිවරයාගේ බලතල, මේ සියල්ලම දරාගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ හින්දා දැන් උඩ නැගලා ඉන්නේ. බිමේ ගැඹුර දන්නේ නෑ. ඉතින් පැනලා බලනවා. පැනලා බලපුවාම තමයි ආණ්ඩුවටත් තේරෙන්නේ කොච්චර ගැඹුරකද පැනලා තියෙන්නේ කියලා. ඉතින් ආණ්ඩුව කැමති නම් පනින්න, පැනලා බලන්න කොතනින්ද නතර වෙන්නේ කියලා.දැන්.ආණ්ඩුවට පිස්සු තදවෙලා තියෙන්නෙ යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින 2026.07.30 දින කොලඹ මහාධිකරණයට පැමිණි අවස්ථාවේදීන් අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස්.දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ,

පරණ නඩු වගයක් තියෙනවා ඉතින්. එනවා, නඩු කල් යනවා, අපි යනවා ඉතින්. හැබැයි අපි හැමදාම අධිකරණයට වෙලාවට අපි පෙනී සිටිනවා. මොකද අපි විශ්වාස කරනවා මේ රටේ අධිකරණය ස්වාධීනව මොන ආණ්ඩුව ආවත් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි දේශපාලන මැදිහත්වීම් වලින් තොරව අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන විශ්වාසය අපිට තියෙනවා. හැබැයි ඉතින් පොලීසිය කෙරෙහි නම් විශ්වාසයක් නෑ.

දැන් ඔය වර්තමාන ගරු අග්‍රවිනිශ්චයකාරතුමගේ වයස දීර්ඝ කරනවා කියන සාකච්ඡාව ගේන්නේ ආණ්ඩුවනේ. මොකද ආණ්ඩුවේ බලාපොරොත්තුව ඒක වෙන්න පුළුවන්. හැබැයි අපි විශ්වාස කරනවා මේ රටේ අධිකරණ පද්ධතිය ස්වාධීනව කටයුතු කරන්න ඕනේ සහ දේශපාලන මැදිහත්වීම් වලින් තොර වෙන්න ඕනේ. අද පැහැදිලිවම ආණ්ඩුව මේ රටේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය කෙරෙහි විශාල බලපෑමක් කරන්න උත්සාහ කරනවා. ඒක ආණ්ඩුවේ පාර්ලිමේන්තුව තුළ, පිටත ප්‍රකාශ වලින් පවා පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි පොලීසිය මෙහෙයවන ආකාරය. අද ශ්‍රී ලංකා පොලීසිය නිකන් ජේවීපී පොලීසිය බවට පත් වෙලා තියෙනවනේ. මොකද පොලීසිය විසින් දක්වන කරුණු මත තමයි ගරු විනිශ්චයකාරවරු තමන්ගේ තීන්දු තීරණ ගන්නේ. සාක්ෂි මෙහෙයවන්නේ. හැබැයි ඉතින් පොලීසිය සම්පූර්ණයෙන්ම පැලවත්තේ පොලීසිය බවට පත් වෙනවා නම්, ඉතින් ඒ තුළ පොලීසියේ ස්වාධීනත්වයකුත් නෑ, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා වෙන්නෙත් නෑ. ඉතින් ආණ්ඩුවත් තේරුම් ගන්න ඕනේ දැන් අර පිස්සුව හොඳටම තද වෙනකොට උඩට නැග්ග ගමන් ගැඹුර පේන්නේ නෑ. ඉතින් පැනලා බලනවා. අතපය කඩාගන්නවා, විනාශ වෙලා යනවා. ඉතින් දැන් ආණ්ඩුවේ පිස්සුව හොඳටම තද වෙලා තියෙන්නේ. බලයෙන් උන්මත්තකවෙලා තියෙන්නේ. 159, ගරු ජනාධිපතිවරයාගේ බලතල, මේ සියල්ලම දරාගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ හින්දා දැන් උඩ නැගලා ඉන්නේ. බිමේ ගැඹුර දන්නේ නෑ. ඉතින් පැනලා බලනවා. පැනලා බලපුවාම තමයි ආණ්ඩුවටත් තේරෙන්නේ කොච්චර ගැඹුරකද පැනලා තියෙන්නේ කියලා. ඉතින් ආණ්ඩුව කැමති නම් පනින්න, පැනලා බලන්න කොතනින්ද නතර වෙන්නේ කියලා.

පුද්ගලබද්ධව තීන්දු තීරණ ගත යුතු නෑ කියන එක තමයි මගේ විශ්වාසය. මොකද අපි ඉතිහාසයේත් පුද්ගලබද්ධව තීන්දු ගත්තනේ. මේ රටේ ව්‍යවස්ථා සංශෝධන අපි ගෙනල්ලා තියෙන්නේ බොහෝ අවස්ථාවල පුද්ගලයෝ ඉලක්ක කරගෙන. එක පාරක් ගෙනාවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ අපි ගෙනාවා තුන් පාරක් ඉල්ලන්න. පුද්ගලබද්ධව. මොකද ඒ වෙලාවේ හිටපු ආණ්ඩුව හිතුවා, තීන්දු කරා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තුන් පාරක් ඉල්ලිය යුතුයි කියලා. ඊට පස්සේ ගෙනාවා අවුරුදු 30, 35 කරා. ඇයි? පුද්ගලබද්ධව. ඊට පස්සේ ද්විත්ව පුරවැසියන්ට ඉල්ලන්න බෑ කියලා. අද ද්විත්ව පුරවැසියන්ට මහ බැංකුවේ සභාපති වෙන්නත් පුළුවන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙන්නත් පුළුවන්. හැබැයි ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු එන්න බෑ. ඇයි? පුද්ගලබද්ධව ගෙනාවා. ඊට පස්සේ ඒක ආයෙ වෙනස් කරා. ඒක ආයෙ වෙනස් කරා. වෙනස් කරපු එක ආයෙත් වෙනස් කරා. ඉතින් අද මේ ආණ්ඩුවත් එක පුද්ගලයෙක් ඉලක්ක කරගෙන ව්‍යවස්ථා සංශෝධන ගේන්න හදනවා. ඉතින් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න එපැයි.

අද රටේ ජනතාව දැඩි ආර්ථික පීඩනයක ඉන්නවා. ජීවන වියදම දිනෙන් දින ඉහළ යනවා. ගොවියාට තමන්ගේ අස්වැන්න විකුණගන්න විදියක් නෑ. හැබැයි මේ සියලු කාරණා අස්සේ පිටරටින් හාල් ගේනවා, මාළු ගේනවා. අද ධීවරයා අසරණ වෙලා. මාළු මිළ ඉහළට ගියත් ඒ මාළු මිළ වැඩිවීමේ වාසිය ධීවරයාට ලැබෙන්නේ නෑ. අවසානයේ පාරිභෝගිකයාටත් සහනදායී මිළකට, සාධාරණ මිළකට මාළු හම්බවෙන්නේ නෑ. ඒ වගේම තමයි අසීමිත බදු බරක්. ඉතින් මේ සියලු කාරණා පැත්තක තියලා ආණ්ඩුව තමන්ගේ උද්ධච්චකම, තමන්ගේ මහන්තත්තකම, තමන්ගේ අර අසීමිත බලයෙන් උද්මත්ත වෙච්ච කාරණය, අසීමිත බලයෙන් උජාරුවට පත් වෙලා, ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න හදනවා.
ඉහළ උසාවි වල විනිශ්චයකාරවරුන්ගේකාලය දික් කරන්න. ඉතින් හිතාගන්න පුළුවන්නේ කොහෙද යන්නේ කියලා ඇහුවොත් මල්ලේ පොල් තමයි.

Hot this week

දිත්වාගෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගය යළි මහනුවරට

මාස ගණනක් වසා තිබූ කොළඹ කොටුව – මහනුවර දුම්රිය...

මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළෙන්දන්ට තේ ගෙන යන්න අලුත් පාරක්

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන පෑලියගොඩ මැනිං පොදු...

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

Topics

දිත්වාගෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගය යළි මහනුවරට

මාස ගණනක් වසා තිබූ කොළඹ කොටුව – මහනුවර දුම්රිය...

මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළෙන්දන්ට තේ ගෙන යන්න අලුත් පාරක්

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන පෑලියගොඩ මැනිං පොදු...

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron