ක්‍රිෂ් ගනුදෙනුවට කළු සල්ලි? නාමල්ට මිලියන 70ක අල්ලසක්!

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ක්‍රිෂ් සමාගම වෙත ලබා ගැනීමේ ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70 ක අල්ලසක් ලබා දී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිකරණයට කරුණු දක්වා තිබේ.

අදාළ ඉඩම ක්‍රිෂ් සමාගම වෙත ලබා ගැනීමට සහ ඊට අදාළ අනුමැතිය කඩිනම් කර ගැනීමට සහය ලබා දීම වෙනුවෙන් අවස්ථා තුනකදී අදාළ අල්ලස් මුදල නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙත ලබා දී ඇති බව කොමිසම සඳහන් කරයි.

එමෙන්ම, මෙම ගනුදෙනුව සඳහා ක්‍රිෂ් සමාගම යොදාගෙන ඇත්තේ මුදල් විශුද්ධිකරණයෙන් උපයාගත් ධනය බව ඉන්දීය රජය විසින් අන්‍යෝන්‍ය නීතිමය සහාය හරහා ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවද අල්ලස් කොමිසම විසින් අධිකරණයට වැඩිදුරටත් දැනුම් දී ඇත.

මෙම අල්ලස් මුදල ලබා දීමේ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය පසුගිය 24 වනදා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇයව එළඹෙන ඔක්තෝබර් මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

මේ අතර, ජානකී සිරිවර්ධන විසින් රුපියල් මිලියන 70ක මුදලක් ලබා දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව, මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන්ද අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් පසුගියදා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron